Monday, October 5, 2020

කැපෙන්නෙ කොහොමද ?

 කොරෝනා අස්සෙ මෙවන් දෙයක් ලිවීම ගැන මුලින් ම කනේ පහරේ කනගාටුව.

මහ පවුල තුළ සිටින අනු පවුල යැපෙන්නේ මහ පවුලේ මහ අයගෙන් නං උන් දුප්පත් නැද්ද?

ඇතැමුන් තාත්තාට රස්සාවක් තිබෙයි නං ඉන්න ටිකක් කපරාදුවත් නොකල නිවසක් ඇත් නං රැකියා දශලක්ෂනේ නම කපන්න පැකිලෙන්නේ නැති බව ආරංචියි. 

වසර දහයකට වැඩි කලක් උදාහරණයක් වශයෙන් රටට විදෙස් විනිමය උපයා දී වයස ගිය කෙනෙක් කොරෝනා අස්සෙ වැසී යන අපහසුවෙන් තමුන්ගේ ව්‍යාපාර පවත්වා ගෙන යන පෙෘද්ගලික අංශයෙන් රැකියා බලාපොරොත්තු වන්නේ කෙසේද? 

එසේ නං උන්ට රැකියාවක් සැපයීමෙි බර සහ උර දරන්නට වන්නේ රජයකට යැයි අමුතුවෙන් කිව යුතු නොවෙයි.

සෑම එක් පවුලකට එක් රජයේ රැකියාවක් යන සංකල්පය ගත්තද රැකියාවක් නොමැති විවාහක පවුල්වලට රැකියාවක් නොලැබී නම කැපෙන්නට විදිහක් ද නැත. ඇතැමුන් පවුල් ගැන මතුපිටින් සොයාබලා ලිස්ටි හදන්නේ දැයි පුංචි සැකයක් මතු වෙයි. 

කර ැණාකර රජයේ රැකියා දශලක්ෂයේ විරකියාවෙන් පෙළෙන දුප්පත් පවුල් ගැන ප්‍රාදේශීය වශයෙන් ලිස්ට් හැදීමෙිදි වඩා සැලකිල්ලක් දක්වන්නේ නං පින් සිදු වන්නේ යැයි ද එය යුතුකම වන්නේ යැයි ද කාර ැණිකව සිහිපත් කරමි.

 ඇස්වහ කටවහ හදි හූනියමි භංග වී කොරෝනා වැලැක්වීමට තෙර ැවනේ සරණින් හයිය ලැබෙිවා! යි කනේ පහරෙහි පැතුමයි!

No comments:

Post a Comment