Monday, December 30, 2019

පෙර දින ධාන්‍යාගරය

ඉස්සර අපේ රට පෙරදිග තිබුණු ධාන්‍යාගාරයක් බව නො දන්නේ කවුද?

අපරදිගින් නෙවෙයි කොහෙන් කවුර ැ ආවත් කන්ට දෙන්ට අපිට තිබුණ.

දැන් ප්‍රශ්නෙ මොල්වල තිබුණ හාල් ඔහේ සත්තුන්ට කන්ට දාල පරිස්සමට ගබඩා කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නෙ නැති ව  පනුවන්කට කන්ට ඉඩ හැරල ඒවා ආපහු මිනිස්සුන්ට කන්ට දෙන්ට හිතන උදවියගෙ මොළ වෙනස් කරන්නෙ කොහොමද කියන කාරණය තමයි මූලික ව ම.

පෙරදිග ධාන්‍යාගාරය නැවත හදන්න හරි පිලිසකර කරන්න හරි බැරි නෑ. හැබැයි දැන් අපට පමණක් නෙවෙයි සමස්ත ලෝකයා ට ම තිබෙන අභියෝගය වන්නෙ කොහොමද අසංවිධිත සංවර්ධන ක්‍රම හින්ද ලෝකයට අහිමි වන හෝ අහිමි වූ ඉර එළිය සහ වැසි ලැබෙන  ක්‍රමික ක්‍රමය නැවතත් ක්‍රමවත් කරන්නෙ කියන අභියෝගය මිසක් ධාන්‍යාගාර ඇති කරන්නෙ කොහොමද කියන කාරණය නෙවෙ යි.

මුදල් කොපමණ තිබුණා වුණත් මුදල් හෝ කර්මාන්ත ඇතුලෙ අහදන දෙයක් ප්‍රධාන ආහාර හැටියට කා නුපුර ැදු අපිට වී වැනි ධාන්‍ය වගා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. වගා කරපු දෙයක් තද වැසි හින්ද ගංවතුර හින්ද නියගය හින්ද නාස්ති වෙන කොට කරන්න හැකි මොනවද කියන දේ අපිට හිතන්ට වෙනව තනි තනි පුද්ගලයින් හැටියට වුණත්.

ලෝකයේ, සද්දෙ  වෙිගයට වඩා විසි ගුණයක් වෙිගවත් මිසයිල හදන ලෝකේ විශාලතම රටටවත් වැස්ස පාලනය කරන වැස්ස තමුන්ගේ අණසක යටතට ගන්ට ක්‍රමයක් හදන්ට බැහැ. ගංවතුර නවත්වන්ට ක්‍රමයක් හදන්ට බැහැ. හේතු මොනවද?

ඉදිරියේ දී ලෝකයට තිබෙන අභියෝග මුදල් නෙවෙයි, ධාන්‍ය හිගකම කියන එක තමයි මගේ පිළිගැනීම.. ඉදිරියේ දී ලෝකයේ පොහොසත් ම රටවල්වලට පවා කුසගින්නේ ඉන්ට වෙන්නෙ ධාන්‍ය හිගය හින්ද කියල මට හිතෙනව. මොකද කේක් හදන්ට වුණත් පිටි හදා ගන්ට එපැයි. පිටි හදන්නෙ මොනවයින්ද? මට හිතෙන්ලෝනෙ කේ පුරා අවන්හල්වල පැවැත්ම තියෙන්නෙ පිටිවලින් හදන කෑම මත තමයි. ඒවගෙ හදන කෑමවලින් සියයට පනහකටත් වැඩි ප්‍රමාණයක් හැදෙන්නෙ පිටිවලින්.

තෙල් විකුණල සල්ලි හොයා ගත්තා වුණත් සීනි විකුණල කාර් හදල වෑන් හදල මිසයිල හදල වෙන මොනව හදල විකුණල සල්ලි හොයා ගන්ට හැකි වුණත් කන්ට දේ වවා ගන්න එක හදා ගන්න එක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙ යි කියල කියන්නෙ කොහොමද?

ආන්න ඒ හින්ද පරිසර හිතකාමී සංවර්ධන ක්‍රම උපායන් සමස්ත ලෝකයාට ම අනුගමනය කරන්ට වෙනව.

ඉන්දියාවට වායු අපවිත්‍රතාවය දැඩි ප්‍රශ්නයක් වෙලා. ඒක ත්‍රස්තවාදය තරමට ඉදිරියට ලෝකයට තර්ජනයක්  වෙන්ට වැඩි කාලයක් ගත වෙන එකක් නෑ.

ධාන්‍ය හිගයට එක විකල්යපක් තමයි තියෙන ධාන්‍ය නාස්ති  කිරීමකින් තොර ව භාවිත කරන්නට සමස්ත ලෝකයා ව ම  උනන්දු කරන එක. ජීවන වියදම ඉහළ යන්ට එක හේතුවක් තමයි ආහාර වැනි එදිනෙදා ජනයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ නාස්ති කිරීම. දෙදහස් පහළොවෙ මුල් ජනපතිවරණයෙන් පස්සෙ මුල් කාර්තුවෙ හිටපු ජනපති තුමන් තමන්ගෙ නිලධාරින්ට උප දෙස් දුන්න කෑමට නුසුදුසු මට මතක හැටියට මත්තල නැතිනන් වෙන කෙහෙ හරි ගබඩා කරල තිබුණ වී කන්ට නුසුදුසු යි කියල සත්තුන්ට කුර ැල්ලන්ට කන්ට දාන්ට කියල. 

ඒවා  එදා කුර ැල්ලන්ට කන්ට දැමුවෙ නැද්ද? වෙන කොහෙ හරි තැනකට ගියා ද? කියල මට හිතුණෙ මෑතක දී ඇහුව ප්‍රවෘත්තියක් හින්ද. ඒ තමයි එක්තරා වී මෝලක් පනුවො කාපු කෑමට නුසුදුසු හාල් නැවත සකස් කරල වෙළෙද පොළට ඒ කියන්නෙ අපිට කන්ට එවන්ට ලෑස්ති කරන කොට ඒක අල්ල ගත්ත කතාව. ඒක හොයා ගත්තෙ දෙරණ උකුස්ස.

තව අනිත් අයත් ඔය වාගේ දේවල් වගේ ම තව තව දේවල් හොයා ගන්නව තමයි. ඉතින් ඒ අයටත් ස්තූතියි.

හාල් ගාණ අඩු කරනව නෙවෙයි නිකන් දෙනව නං තමයි අපි කැමති. ඒ වුණාට සිල්ලර වෙළෙන්දට ලැබෙන මාජිං එක අතරමැදියන් කන්නෙ  (තහනං කෑම නෙවෙයි) කොහොමද කියන දේ ගැනත් හිනත්ට වෙන හින්ද හිතන්ට වෙන දේවල් මයෙ හිතේ බොහෝ තිබෙනව.

අල වවන්ට හිතන එකත් හොදා නං තමයි. ප්‍රතිඅපනනය කරන්ට බැරි දේවල් ගෙන්නන එක නරක දෙයක් නෙවෙයි කියල තමයි මට නං හිතෙන්නෙ. අපි වවන්නෙ නැති අපි හදන්නෙ නැති ඒත් අපට අවශ්‍ය වෙන දේ ගෙන්නන එකෙන් ආනයන ව්‍යවසායකයින් හා ඔවුන්ගේ සේවකයින්ගේ ඉඩගෝස්තරය පරිස්සං වෙනව.

එහෙනන් පෙරදිග ධාන්‍ය පරිස්සං කරන හැටි ටිකක් සිහියට ගමු නේද?



මතකද?






ඉතින් ධාන්‍ය හිගය ලෝකෙ කාටත් බලපාන දෙයක් වෙන්ට ඉඩ තියෙනව වැඩි කල් නො ගිහින් ම.