Wednesday, February 12, 2020

ඇයට සවන් දෙන්න

ජනතාවාදී ආණ්ඩුවෙි ධීවර අමාත්‍ය තුමනි, නියෝජ්‍ය ඇමති තුමනි,

ධීවර ප්‍රජාවන් සංවර්ධනය අතිශය කාලෝචිත තීරණයක් වුව ද සංවර්ධනය යනු පරිසරය සුරකිමින් යා යුතු ගමනක් හා ඉලක්කයක් වන බැවින් එහි නිතර සමතුලිත භාවයක් තිබීම අවැසි බව ඔබ දන්නා බව මා විශ්වාස කරමි.

කඩොලාන ආරක්ෂා කර ගැන්ම මුහුදු ඛාදනයෙන් රට අවට තීරය පමණක් නො ව රට අභ්‍යන්තරය ද ආරක්ෂා කර ගැන්ම පිණිස අතිශය වැදගත් ය. එසේම එය මුහුදු සමිපත් ඉදිරි අනාගතයට සුරක්ෂා කර දීම පිණිස ද වැදගත් ය.  ඉදහිට සංවර්ධනය හා ජනතාව රජයකින් බලාපොරොත්තු වන දෑ පමණ ඉක්මවා යන අවස්ථාවක පරිසරය ගැන අමතක වන අවස්ථා ද ඉතිහාසයෙන් අප දැක ඇත්තෙමු.

අද උදෑසන ඉන්දියානු මුහුදෙන් වාර්තා වූ භූ කමිපනය ගොඩබිම වෙසෙන අප කලාපයේ පමණක් නොව ලොව පුරා මුහුද වැනි සමිපත් අප විසින් භාවිතයට ගන්නා ආකාරයන් මත සිදු වන බව ඔබ දන්නා බව මාගේ විශ්වාසය යි. සුනාමි තත්ත්වයන්ට මුහුණ පා අත්දැකීමි ඇති අප මුහුද ආශ්‍රිත පරිසරය සුරැකීමට දැනට වඩා සිහියේ තබා ගත යුතු යැයි මා විශ්වාස කරමි. එය පරිසරය සුරකින්නට වෘත්තියෙන් හෝ ස්වෙිඡාවෙන් එකතු වන අයගේ මෙන්ම විශේෂයෙන් ඔබ අමාත්‍යාංශය සන්තක වගකීමක් යැයි මට සිතෙයි. ධීවර කටයුතුවල දී ඔවුන්ගේ හුර ැ පුර ැදු ඇතැමි විට ඔවුනගේ හා අපගේ නො සැලකිල්ල හෙයින් අප සැමට අහිතකර ලෙස බලපෑ හැකි බව ඔබ දන්නා බව මාගේ විශ්වාසය යි.

වෙසෙනින් ඔබ පැවසූ පරිදි අප වසන්වනේ කුඩා දිවයිනක බව සැබෑය. ජනතාවට ජීවත් වන්නට ඇත්තේ වර්ග කිලෝ මීටර හැටපන් දහස් හයසිය දහයක්.  එම ප්‍රමාණය අප විසින් මුහුදට හෝ සංවර්ධනය හෙයින් භූමිය අභයන්තරයෙන් සංකෝචනය වන්න්ට හෝ ඇහිරීමට ඉඩ නො දිය යුතු බව ද ඇත්තකි. දැනටමත්එ අප සන්තක මිනිස් වාසයට පැවති ගොඩබිම මහා මාර්ග ඇතුලු වෙනත් එකීමෙකී නොකී සංවර්ධනය හෙයින් හැකිලී ගොස් ඇති බව අප දනිමු. කෙසේ වුවත් අප සන්තක කුඩා භූමිය රැකුණහොත් විනා දැනට ඉන්න වුන්ට හෝ ඉපදෙන්නට ඉන්න වුන්ට එය ඉතිරි වන්නේ නැති බව අප දනිමු. 

අප රටෙහි වෙරළ ආශ්‍රිත ව ජීවත් වන ධීවර ප්‍රජාවන්ගේ දර ැ කැළ ද මනා නීරෝගීභාවයකින් ජීවත් විය යුතු බවට අවිවාදයක් ද නැත. ක්‍රීඩාව එය පෝෂණය කරන බව ද ඇත්තක්. එසේ වුවත් අප පමණක් නො ව කර්මාන්තශාලා ද ඇති එසේ හෙයින් ද පාරිසරික තර්ජනවලට මුහුණ දී ඇති අපට නව තර්ජනයක් ද ඇත. එනමි දැඩි වන විනාශය හෙයින් (මෑතක දී ඔස්ට්‍රෙලියාවෙ ලැවි ගිනි) හෙයින් හා වෙනත් හේතු හෙයින් ලොව පුරා පරිසරය දුහුවිලි අංශු විසින් නසමින් පවති.  කොළඹ සහ නුවර දැනටමත් විශාල ප්‍රමාණයන්ගෙන් ඉන් ආක්‍රමණය කර ඇති විඩෙක දර ැවන්ට පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කිරීමට ඇයි අයිතිය ගැන අප වැඩිහිටියන් වශයෙන් වග කිව යුතු ය. එසේම එය ඔවුන්ගේ මනා නිරෝගීභාවයට අතිශයෙන් වැදගත් ය. මා මෙසේ සිහිපත් කරනුයේ ඔබ නො දන්නා යමක් නො වන බව මා දනිමි.  

දර ැවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා ඉටු කරලීම පිණිස අප හට තවත් විකල්පයක් ඇත. එනමි දර ැවන් යන පාසල් තුළ ක්‍රීඩා පහසුකමි වැඩි දියුණු කිරීම ඉන් එක් පියවරකි. විශේෂයෙන්ඔ එම කලාපයේ කලපු ආශ්‍රිත කලාපයන්හි දරදැරියන් යන පාසල් තුළ ඔවුන්ට සපයා ඇති අභ්‍යන්තර හා බාහිර ක්‍රීඩාගාර පහසුකමි අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව නගාසිටුවාලීමෙන් ඔවුනගේ ගැටලුවට විසදුමක් ලැබෙනු ඇත. එසේ නැති නමි කනේ පහරේ  අතිශය කාර ැණික ඉල්ලීම වන්නේ කලාපය තුළ වෙනත් හිස් ඉඩමක් රට අභ්‍යන්තරයට වන්නට ඇත් නමි ඔවුනට එය පරිත්‍යාග කර අවශ්‍ය ක්‍රීඩා පිටිටනියක් තනා දෙන ලෙසයි.

ඇත්ත වශයෙන් ම ඔබ හා අප කවුර ැත් දන්නා පරිදි වෙරළ කලාපය සීඝ්‍රයෙන් විවිධ සංවර්ධන ක්‍රියා හෙයින් වෙනස් වෙමින් පවතින හෙයින් මීගමුවෙහි හෝ හලාවත හෝ උණවටුන හෝ කොග්ගල   හෝ තන්ගල්ලේ හෝ හමිබන්වෙතොට හෝ වෙනත් කුමන ස්ථානයක වුව කෙරෙන  එවැනි ඉදිකිරීමි සැලසුම සකස් කිරීමට පෙරාතුව පරිසර නිලධාරි මහත්මිය විසින් මතු කරන්නට යෙදුණ කාරණා ගැන ඉවසීමෙන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි සිතමි.

ධීවර ප්‍රජාව යනු මුහුද ඇසුර කර ජීවත් වන කොටසක් වුව ද ගොඩබිම ඔවුන්ගේ ප්‍රාණය බව සිහිපත් කර දීම ඔබගේ යුතුකම යැයි කනේ පහර විශ්වාස කරමි.

වෙසෙසින් ඇගේ ඉල්ලීම ඔවුනගේ වත්මන් හා ඉදිරි දර ැ පරපුරෙහි සුබසෙත පිණිස ම හේතු වන බව මාගේ හැගීම යි.
ඇගේ දහිරියට කනේ පහරේ පැසසුම ද හිමි වෙයි. 

ස්තූතියි!