Wednesday, September 27, 2017

මෙය ගෑස් ගැන හෝ පොත් ගැන හෝ කතාවක් නොවන්නේය.

පොල් එදා සිට අද දක්වා අපේ මිත්‍රයාය. එහෙත් මෑතක සිට අපේ පංතියේ උන්ට පොල් නිසා වෙඩි කන්නට ද සිදු වී ඇත.ඒ එසේ සිදු වී ඇත්තේ පොල් මැණික් තරමට ගණන් ගොස් ඇති නිසාය. මුරට සිටින කෙනෙක්ට තුවක්කුවක් දෙන්නේ අයෙකු වත්තට පොල් හෝ දෙල් ඇහිදින්නට හෝ කඩා ගන්නට පැන්න විට තමන්ට වෙඩි තියා ගන්නට  නොවන හෙයින් පැන්න කෙනාට වෙඩි තැබීමෙි වැරැද්දක් ඇතැයි ද සිතිය නොහැක.  
එය එසේ වන්නේ නං වරද කාගෙද?

ඒත් මුර මහතා දැන ගත යුතු දෙයක් ඇත. අපි අපේ පංතියේ උන්ට තියා අපේ පංතියේ නොවන උන්ටවත් වෙඩි තියන්නේ නැත.

ඒත් මැතිදුනේ නැති බැරිකං වෙඩි තබා වුව ඝාතනය කලාට වරදක් නැත.

පෙං කතාවල තියෙන්නේ පොල් සමිබෝලයි බතු යි කමු කියාය.

එහෙම කියන කොල්ලාට ඇත්ත කතාවල දුව දෙන්නේ නැත.

ඒත් ඒ ඉස්සරය.

ඒත් ඉදිරියට පොල් සමිබොල් එක්ක බත් දිය හැකි යැයි කියන කොල්ලාට තමන්ගේ දුව අහන පරක්කුවෙන් ලැබෙනු ඇත.

ඒ පොල් ඇත්නං පත ගැන හිතන්ට දෙයක් නැති නිසාය'     

හැබැයි ඉදිරියේදී පොල් දෙන්නං කියා හුගක් අය අපේ ගෙවල් වලට එන්නට බැරි නැත.

මං එහෙම කියන්නේ කතා නායක තුමාගේ ඉලෙක්ෂොන් ගැන කරපු කතාව ගැන හිතාය.

අපිට පොල් සංවර්ධන මණ්ඩලයක් ද ඇත. එහෙත් පොල් අළෙවි මණ්ඩලයක් නැත.

පොල් පාරවල් ගොඩනැගිලි වෙනුවෙන් සංවර්ධනය වෙනුවෙන් කැප කර ඇත්ද?

පොල් ති්කෝණය සමචතුරසය වන්නේ කවදාද?

සතොසට පොල් එන්නේ කවදාද?

ඉක්මන් වැඩ පිළිවෙලකට ගියහොත් දෙයියනේ කියා කිරි හොද්දක් ඉදි ආප්පන් ටිකක් හදාගෙන කන්ට හැකිය.

නැත්නන් බත් කෑ හැකිය.

මෙලොවදී පොල් කන්නට නොලැබුනොත් එලොව ගොස් පොල් කන්ට හිතන්නේ කොහොමද?

පොල් වවන්නේ කවුද?

පොල් විකුණන්නේ කවුද?

පොල් වවන්නේ හා කඩන්නේ අපි මිස අධිරාජ්‍යවාදීන් ද නොවෙි,  

නිෂ්පාදන වියදං ද නැත. සේවකයින්ට ගෙවන්ට වෙන්නේ ද නැත. ගහට නගින ඇත්තාට අර්ථසාධක ගෙවන්නේ ද නැත.  පොල් වතු හිමියන් බදු ගෙවන්නේ ද නැත. ආනයන බදු ද නැත.

අපනයනය කරන්නේද නැත.

කරනවානං තහනං කල යුතුය. ඒ බඩු හිග වෙනකොට ගණන් යන නිසාය. නැතිනන් බඩු හිග වෙන්නේ ගණන් යන්ට ඔන්න මෙන්න කියල නිසාය.  

තෙල් මිළ ළගකදී වැඩි වුනේ ද නැත. ඒ හින්දා ප්‍රවාහන වියදං නැග්ගා යැයි කියන්ටද බැරිය.

එහෙනං මිළ අනූවට යන්නේ කොහොමද?

පොල් ...........

කන්නට හිත ඇත
ගන්නට මුදල් නැත

පොල්........

දෙන්නට හිත ඇත
කන්නට පින් නැත

ඒත් ............. හිතුවොත් සතොසින් සමූපෙන් දිය හැක