Saturday, June 12, 2021

ගමිමංපිල ඇමතිතුමනි,

 මෙම වසංගත වයිරස් කාලේ තෙල් මිල ඉහළ දැමුම නං හොද නැති බව කිව යුතු යි.

මෙය වැඩි වශයෙන් ම බලපාන්නේ ත්‍රී විලර් රියදුරන්ට බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතේ.

උන්ට මෙි දවස්වල රස්සාව කර ගන්නත් බැහැ  කළත් හයර් ඒ තරමටත් ලැබෙන්නෙ නැහැ අනිත් කාරණය තවම අපේ පන්දාහ ලැබුණෙත් නැහැ.

ඔබ තුමන්ලට නං ඉතින් නොමිලේ වාහනේ සමග තෙල් ලැබෙන හින්ද ඒක ඒ තරමට දැනෙන්නෙ නැතිවත් ඇති. 

හැකි නං ඉතින් මිල ඉහළ දාන එක අවම වශයනේ පැන්ඩමික් එක අහවරක් කෙළවරක් වෙනකන් ඉදල තව ගාන අඩු කරල ඉහළ දානවා නං ටිකක් සැනහෙතෑකි.

අනිත් එක එක පවුලකට දෙන්නෙක් ට පන්දාහ ලැබෙනවා නං ස්වයං රැකියා කරන අය පමණක් ඉන්න පවුල් වලට එක් කෙනෙක්ට පමණ යි පන්දාහක් ලැබෙන්නෙ කියල මට පෙෘද්ගලිකවම ග්‍රාම නිලධාරිතුමිය දැනුං දුන්න මං මගේ ඉල්ලුං පත්‍රය අරගෙන ගියාම. ඉතින්  අවම වශයෙන් එක පවුලකින් දෙන්නෙක්ටවත් ලැබෙනවා නං ඔය මොකවත් කර ගත්තෑකි ෂේප් කර ගත්තෑකි. අනිත් එක ඉතින් ප්‍රතිශක්තිකරණය වැක්සින් එකකින් විතරක් ලැබෙනවා නං රටටම වැක්සින් විතරක් අරන් නිකන් ඉන්ට බැරියෑ නොකා කොරෝනා ඉවර උණාමත්. අනිත් එක කෑම, වැක්සින්, මොළ සහ මනස් නිදහස්ව තියා ගැනීමත් කොරෝණාවලින් වැලකිල බෙිරිලා ඉන්ට වැදගත් බව සිහිපත් නොකර කොහොමද අමතක වෙලා නං බැරි වෙලාවත්. 


Friday, June 11, 2021

දැන් නං මගේ ඇති විරෝධතාවයක් නෑ

 ඉස්සර නං මාත් මනුස්සකං ගැන හිතුව. ඒත් දැන් එහෙම බැහැ කියල මං තේර ැං ගත්ත.

වරදක් කළා ම හිරේට දැමිමම ඇකි කියල මං ඉස්සර හිතුව. 

ඒත් පුංචි පුංචි වැරදිවලට හිරේ දැමුවට, කෙනෙක් හිතා මතා මරා දැමීම අරමුණු කරගෙන අධම චෙිතනාන්විතව මොළ මරන එවුන්ට සහ මනස් අඩස්සියේ ගෑනු තියාගෙන උන්ව දූෂණය කරන උන්ව එල්ලා මරන්නේ නැතිව  මොනව කරන්නද?

එවැනි දඩුවමක් පවා උන්ට සරල සහ සාමාන්‍ය වැඩි නං සවුදි අරාබියේ වගේ අංග හරණය කර මරා දැමුමෙ ඇති පාපය කුමක්ද ගෙෘරවනීය ලක් නීතිය?

මෙවැනි දෑට හිතාමතා සහාය දීම උපකරණ සැපයීම හෝ අලෙවිය වරදක් නොවන්නේ කෙසේද? දුරස්ථ මනස් , මොළ සහ ශරීර පාලන හිංසක ක්‍රම ගැන ඇතැමුන් තුළ ඇති නොදැනුවත්භාවය අපේ පාපයක් ද?

ඇතැමුන් සතුව දැනුම සහ අවබෝධය පැවතිය ද නිදහස් අධ්‍යාපනයෙන් උගත්ත ද එකිනෙකාට පිහිට නොවන මුදලට පමණක් කෙනෙක්ට උපකාර කරන දැනුමැත්තන්ගෙන් අප වැනි රටකට ඇති ඵලය කුමක්ද මිතුරනි?  එවැනි උගතුන්ගෙන් දියුණු වන්නේ කුමන ක්ෂේත්‍රයද මිතුරනි ?