Saturday, June 12, 2021

ගමිමංපිල ඇමතිතුමනි,

 මෙම වසංගත වයිරස් කාලේ තෙල් මිල ඉහළ දැමුම නං හොද නැති බව කිව යුතු යි.

මෙය වැඩි වශයෙන් ම බලපාන්නේ ත්‍රී විලර් රියදුරන්ට බව අමුතුවෙන් කිව යුතු නැතැයි සිතේ.

උන්ට මෙි දවස්වල රස්සාව කර ගන්නත් බැහැ  කළත් හයර් ඒ තරමටත් ලැබෙන්නෙ නැහැ අනිත් කාරණය තවම අපේ පන්දාහ ලැබුණෙත් නැහැ.

ඔබ තුමන්ලට නං ඉතින් නොමිලේ වාහනේ සමග තෙල් ලැබෙන හින්ද ඒක ඒ තරමට දැනෙන්නෙ නැතිවත් ඇති. 

හැකි නං ඉතින් මිල ඉහළ දාන එක අවම වශයනේ පැන්ඩමික් එක අහවරක් කෙළවරක් වෙනකන් ඉදල තව ගාන අඩු කරල ඉහළ දානවා නං ටිකක් සැනහෙතෑකි.

අනිත් එක එක පවුලකට දෙන්නෙක් ට පන්දාහ ලැබෙනවා නං ස්වයං රැකියා කරන අය පමණක් ඉන්න පවුල් වලට එක් කෙනෙක්ට පමණ යි පන්දාහක් ලැබෙන්නෙ කියල මට පෙෘද්ගලිකවම ග්‍රාම නිලධාරිතුමිය දැනුං දුන්න මං මගේ ඉල්ලුං පත්‍රය අරගෙන ගියාම. ඉතින්  අවම වශයෙන් එක පවුලකින් දෙන්නෙක්ටවත් ලැබෙනවා නං ඔය මොකවත් කර ගත්තෑකි ෂේප් කර ගත්තෑකි. අනිත් එක ඉතින් ප්‍රතිශක්තිකරණය වැක්සින් එකකින් විතරක් ලැබෙනවා නං රටටම වැක්සින් විතරක් අරන් නිකන් ඉන්ට බැරියෑ නොකා කොරෝනා ඉවර උණාමත්. අනිත් එක කෑම, වැක්සින්, මොළ සහ මනස් නිදහස්ව තියා ගැනීමත් කොරෝණාවලින් වැලකිල බෙිරිලා ඉන්ට වැදගත් බව සිහිපත් නොකර කොහොමද අමතක වෙලා නං බැරි වෙලාවත්. 


Friday, June 11, 2021

දැන් නං මගේ ඇති විරෝධතාවයක් නෑ

 ඉස්සර නං මාත් මනුස්සකං ගැන හිතුව. ඒත් දැන් එහෙම බැහැ කියල මං තේර ැං ගත්ත.

වරදක් කළා ම හිරේට දැමිමම ඇකි කියල මං ඉස්සර හිතුව. 

ඒත් පුංචි පුංචි වැරදිවලට හිරේ දැමුවට, කෙනෙක් හිතා මතා මරා දැමීම අරමුණු කරගෙන අධම චෙිතනාන්විතව මොළ මරන එවුන්ට සහ මනස් අඩස්සියේ ගෑනු තියාගෙන උන්ව දූෂණය කරන උන්ව එල්ලා මරන්නේ නැතිව  මොනව කරන්නද?

එවැනි දඩුවමක් පවා උන්ට සරල සහ සාමාන්‍ය වැඩි නං සවුදි අරාබියේ වගේ අංග හරණය කර මරා දැමුමෙ ඇති පාපය කුමක්ද ගෙෘරවනීය ලක් නීතිය?

මෙවැනි දෑට හිතාමතා සහාය දීම උපකරණ සැපයීම හෝ අලෙවිය වරදක් නොවන්නේ කෙසේද? දුරස්ථ මනස් , මොළ සහ ශරීර පාලන හිංසක ක්‍රම ගැන ඇතැමුන් තුළ ඇති නොදැනුවත්භාවය අපේ පාපයක් ද?

ඇතැමුන් සතුව දැනුම සහ අවබෝධය පැවතිය ද නිදහස් අධ්‍යාපනයෙන් උගත්ත ද එකිනෙකාට පිහිට නොවන මුදලට පමණක් කෙනෙක්ට උපකාර කරන දැනුමැත්තන්ගෙන් අප වැනි රටකට ඇති ඵලය කුමක්ද මිතුරනි?  එවැනි උගතුන්ගෙන් දියුණු වන්නේ කුමන ක්ෂේත්‍රයද මිතුරනි ? 

Saturday, May 1, 2021

අපගේ වෛද්‍ය වරයෙක් සොයා ගත් කෘත්‍රීම ස්වසන යන්ත්‍රය වැඩියෙන් නිපදවමු ද ගර ැ ඇමතිතුමනි,

ගර ැ සෙෘඛ්‍යය ඇමතිතුමන්ට ගර්වයෙන් සිහිපත් කරමු! 

මා හට මතක විදිහට දැනට වසර දෙකකට පමණ පෙර අපගේ වෛද්‍ය වරයෙකු කෘතීම ස්වශන යන්ත්‍රයක් නිර්මාණය කර ඇති බවට මාධ්‍ය හරහා දැක ගතිමි. 

මාගේ විශ්වාසය අනුව කොරෝණාවෙන් බැට කන ඔක්සිජන් නැතැයි කියන වකවානුවක ලොව පුරා මිනිසුන්ගේ ජීවිත බෙිරා ගැන්මට මෙම යන්ත්‍රය මනා පිටුවහලක් වෙතැයි නිශ්චිතවම කිව හැකියි.

 මාගේ ඉල්ලීම ඔබ තුමන්ගේ කාරැණික මැදිහිත් වීමෙන් මෙම යන්ත්‍රය සොයා ගත්  වෙවද්‍යවරයා සොයා ඔහුගේ උපකරණය මෙතෙක් අප නිපදවන්නට කටයුතු කර නැත්තේ නං ඊට අනුග්‍රහය දක්වන්නේ නං අපට පමණක් නොව සමස්ත ලෝකයටම උදවිවක් වනු ඇතැයි සිතමි.

ස්තූතියි!



Sunday, March 7, 2021

බාලිකා ළමා නිවාසවලට කෙල්ලන්ට දෙන්න ...........

සෑම බාලිකා නිවාසයකම කෙල්ලන්ට ඉහත පිරිසිදු යට ඇදුමි , සනීපාරක්ෂක තුවා , සබන් නොමිලේ ලබා දෙන්න ක්‍රමයක් හදා දෙන්න පුලුවන් නං ජනපතිතුමනි විෂයභාර ඇමතිතුමියනි හොදයි නේද? 

ඊට පස්සෙ ඉතින් පසුවිපරන් කරන්නත් ඔීනෙ. හැම පාලිකාවක්ම එක වාගේ නැහැනෙ. 

රජයේ නොවන අංශවලටත් හැකියාවක් තිබෙයි නං ළමා නිවාසවල කෙල්ලන්ට  ඉහත දෑ ටිකක් ගිහින් දෙන්න පුලුවන් නං අද ජාත්‍යන්ර කාන්තා දිනය දවසෙ හොදයි නේද?

කාන්තා සිරකාරිනියන්ගේ තත්ත්වය කොහොමද?

ඊළගට ඔවුන් සැම ලිංගික හිංසනයන්ට කිසිදු අයුරකින් ලක් නොවන තැනට අවශ්‍ය කටයුතු වන්නේ නං ද මැනවි.

ඔය දේවල් නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් එක්ක කතා කරල සහන මිලකට ඔය දේවල් රජයට මිලට ගන්න කටයුතු කරන්නත් පුලුවන් වෙයි.



Sunday, February 28, 2021

හැම ගමකටම දියර කිරි හලක් .........

 කිරි පිටි මිල වැඩි කරන්න කියන්නෙ ලෝක තත්ත්වයක් හින්ද කියල අපි දන්නව. 

හැබැයි, අපි ගැනත් හිතල හැම ගමකටම අඩුම ගානේ එක කිරිහල ගානේවත් ස්ථාපනය කළොත් සහන මිලට අපිට කිරි ගන්න පුලුවන් වෙයි.

කිරි ගොවියන් ප්‍රමාණාත්මකව වැඩි කළොත් කිරි අඩුනං ඒකටත් විසදුමක් ලැබෙයි. කිරි ගොවියටත් වාසියි අපිටත් වාසියි එහෙම කළොත්. කිරි ගොවියෙක් වෙන්න කැමති අයට හොද තත්ත්වයේ කිරි ගවයෙක් ගානේවත් දුන්නොත් ටිකින් ටික ප්‍රශ්නෙ ලිහා ගත්තෑකි.



Sunday, January 17, 2021

නැගෙනහිර ජැටිය සහ අපේ ආරක්ෂාව

 වරාය සහ ගුවන් තොටුපොළ යනු අප රටට ඇතුල් වන්නට ඇති අතිශය වැදගත් ප්‍රධාන දොරටු දෙක කි. ඒවායෙහි ගේට්ටු සවිමත්ව තිබීම අත්‍යවශය කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැමුන් අප ආරක්ෂක කපොලුවල ද්වාර වසා නොදමන්නේ නමි හෝ ඒවා විවෘතව තබන්නේ නං බොහෝ කැමති ය. ඊට හේතුව වන්නේ ඒවායින් පහසුවෙන් රට තුළට රිංගිය හැකි යැයි ඔවුන් සිතන බැවිනි. කෙසේ වුවත් දොරටු සවිමත්ව තිබීම සහ ඒවයෙහි පාලනය සහ යතුර අප සන්තකව තිබීම අතිශය වැදගත් වන්නේ එදාමෙදා තුර අප ඉතිහාසයේ සිදුවීමි හරහා උගත් පාඩමි හෙයිනි. 

ඉන්දියාව අපගේ පස මිතුරෙකි. පස මිතුරන් යනු යමක් පහසුවෙන් වටහා ගත හැකි අය යි. කොළම වරායේ නැගෙනහිර ජැටිය ගැන කිසියමි ගිවිසුමකට ඉන්දීය රජය හා රජය එළැඹ ඇත්නමි එය නැවත වන්දියක් ගෙවා හෝ නැවත අවලංගු කළ හැකි නමි ඉතාමත් සුදුසු යැයි අනාගතය සහ අප රටෙහි ආරක්ෂාව ගැන සිතන විට කනේපහරට සිතෙයි. රට අභ්‍යන්තරයට ආයෝජකයින් ගෙන ඒමෙන් බොහෝ වාසි ලබා ගත හැකි බව ඇත්තක්. එසේ නමුදු නැගෙනහිරත් අනෙත් ජැටිත් අප සන්තකව තබා ගැන්මෙන් ඒවා හරහා රට තුළට එන මිනිසුන් පමණක් නො ව භාණ්ඩ හා කන්ටෙිනර ගැන ද පූර්ණ වගකීම අපට ගත හැකි යැයි කනේ පහර විශ්වාස කරමු. 

රටට සහ දැයට ජය!