Thursday, June 27, 2019

ජනතා උසාවිය . අද අහන්නේ රට තොට පිටට කුළියට දීම ගැන

අපට බලපානවද නැද්ද?

අපේ තොටක් කුළියට හරි බදු හරි දුන්නොත් මොකද වෙන්නෙ?

උත්තරය සරල යි ලේසි යි.

අපි දෙයක් කුළියට දෙන උන්ට හතුරෙක් ඉන්නවා නං  උන්ට ගහන්ට හොද තැන එතැන කියල හිතුවොත් වදින්නෙ අපිට හින්ද.

ඒ හින්ද තොටුපොළක් හරි ගුවන් කලාපයක් හරි කාටහරි බද්දට හරි කුළියට හරි දෙනව නං නොදිය යුතු වන්නෙ ඇයි කියන දේ දැන් දන්නව නේද?

විශේෂයෙන් වෙනත් රටක ආරක්ෂක බල ඇණියක් අපේ දේශයේ නැංගුරං දැමුවොත්, අපි හිතමු නාවික කියල, පර්ල් වරායට ගැහුව වගේ ගැහුවොත් වෙන්නෙ මුහුදට පැනල මැරෙන්ට තොපිලට නෙවෙයි අපිට.

ඒ හින්ද නෝනා මහතුනේ දෙන්ට කළින් හිතන්ට. 

අනිත් කාරණය තමයි අපේ නාවික හෝ යුධ හෝ ගුවන් හෝ නායකත්වයන්ට නිදහසේ අපේ දේ බලාගන්ට අත විතරක් නෙවෙයි පයත් ඉඩ තියෙන්ට අවශ්‍යයි. නැද්ද?

අපේ ලොක්කන්ගෙ අණට පිට ඈයෝ කීකර ැ වෙයි කියල හිතන්ට පුලුවන්ද? 

වෙන කාටහරි දුන්නොත් අපේ අයට සියයට සියයක් වග කියන්ට පුලුවන්ද? ඒ පැත්තෙ වෙන දේට ඇගිලි ගහනව කියයි. අපි සල්ලි දීල අරන් තියෙන්නෙ කියයි. අපේ ඒවා අපි බලාගන්නන් කියයි. ඔයාල ඔයාලගේ ඒව බලාගන්ට කියයි. රටක් බලා ගන්ට ආරක්ෂා කරන්ට නිදහස ඔිනේ නැද්ද?

වෘත්තීය නිදහස විතරක් නෙවෙයි ආරක්ෂාකාරියට ඒ දේවල් වැදගත් නැද්ද. 

ගෝලීය ත්‍රස්තවාදය තියෙන ලෝකයක යුධ නාවික ගුවන් කලාප වෙනත් රටවලට දීම අනුචිත ය. මෙය මා වැනි සිවිල් වැසියෙකුගේ දෘඪ මතය යි.

අද වනවිට ලෝකය තුළ බලවන්තයින් වනුයේ අතීතයේ බලවන්තයින් වී වුන් අය නොවන්නේය. ලෝකයේ පොලිස්කාරයා යැයි කියන රට තවදුරටත් ලෝකය තුල පොළිස් කාරයෙකු නොවන්නේ යැයි මා සිතමි. ඔවුන්ගේ ආරක්ෂක කලාපයන් පමණක් නොව ඔවුන් අදවනවිට ලෝක තුස්තවාදයේ ප්‍රබල ඉලක්ක  හා හතුරන් බවට පත්ව තිබෙන්නේය. එක්තරා වසරක සැප්තැමිබර මාසයේ වූ සිදුවීම හා ආරක්ෂක අටපටිටමට වූ දේ මතක නං එවැනි තීරණ වලට එලඹීම අනුචිත ය. 

මෙහි අරමුණ ඔවුනගේ හැකියා අවක්සේර ැ කිරීම නොව අපේ ආරක්ෂාව අපි විසින් තහවුර ැ කරගැන්මත් අනවශ්‍ය හෝ අනුචිත තීරණ හෙයින් ඊට බාධාවීම වැලැක්වීමත් ය. කලාපයක් නිදහස්ව පවතින විට ආරක්ෂා කිරීම පමණක් නොව වැඩ කිරීමත් පහසුය යනු මාගේ පිළිගැනීම යි.

හිතා බලන්න පනින්ට පෙර.


ටිටමට සිදු වූ දේ 

එසේ හෙයින් 





Saturday, June 22, 2019

ජනතා උසාවිය . අද අහන්නේ (රට) කටු කමිබි . සමෘද්ධි සහ ඩ්‍රැයිවින් ක්‍රම ගැන


තනි වාක්‍ය වලින් උත්තර දීමෙන් වළකින්න

දිනකට හෝ මසකට හෝ වසරකට අල්ලන කටු කමිබි බැරල් ගණන කීයද?

කටු කමිබි නැතහොත් කසිප්පු ගමෙි එකාලා බොන්නේ උන් අඩු ආදායමි ලාභීන් නිසාද?


මෙහෙ කසිප්පු හොද නැති උනාට පොෂ් බෝතල්වල දාල එවන රට කසිප්පු බීවට කමක් නැද්ද? ඇතුලෙ තියෙන දේ බීල බලල සහතික දෙන්නේ මොන දෙපාර්තමේන්තුවෙන්ද?


පස්සෙ කැපුවත්  සමස්ත  රට තුළ මෙදා ඡන්දෙට ඉස්සර  දෙන්ට ඇස්තමෙින්තු කරපු සමෘද්ධිලාභීන් මුලු ගණන කීයද?

සමහර බස්රථ නිකන් අශ්වයෝ පදිනව වගේ එලවන්නෙ හයිවෙිස් නිසාද?



Tuesday, June 18, 2019

ඔබ මෙවන් දෙයක් ගැන මින් පෙර සිතා බැලුවාද?

දුගීභාවය හා මන්දපෝෂණය නැති කල හැක්කේ දුගියාගේ මත වෙනස් කරලීමට යත්න දැරීමෙන් නොව දේශපාලඥයාගේ ආකල්ප හා මත වෙනස් කරලීමෙනි.

Saturday, June 15, 2019

හිතවත් දේශපාලඥයිනි

ඔබ සියලු දෙනා උත්තර ප්‍රදේශය හා නැගෙනහිර  ප්‍රදේශය එකතු කර මෙරට මිනිසුන් වෙන් කිරීම වෙනුවෙන් දකින සිහිනයෙන් මිදෙන්නේ කවදාද?

විග්නේෂ්වරන් මැතිදුනි ඔබ ඉදිරියේදි එවැනි පසුබිමක් තුළ ඔබගේ නායකයා විය යුතු යැයි සිහිනයෙන් 
දකින්න‍ේ  කවුද? 

 අප විසින් අප්‍රේල් මස අත්දුටු සිදුවීම වූයේ එලෙස නොබෙදු දේශයක බව ඔබ දන්නේය එසේ බෙදුවහොත්  මැතිදුනි ඉදිරියේදි එවැනි කටයුතුවල වඩාත් පහසුවෙන්  නිරත වන්නට ඔවුනට අවකාශ නොලැබෙයි කියා ඔබ හිතනවාද?

මැතිදුනි දැනට උත්තර ප්‍ර දේශයේ ඉස ඔසවමින් එන
ආවෝ කණ්ඩායම මැඩ පවත්වන්නට ඔබ සතු පාලන උපක්‍රමය හෝ ක්‍රමය කුමක්ද?

ස්තූති යි

Wednesday, June 12, 2019

ඔබගේ සේවාව මෙන්ම ඔවුන්ගේ සේවාව ද අප හට වටිනව.

මාර්ග නීති අකුරට ක්‍රියාත්මක කරන්ට පටන් ගන්නවා ය කියා කියූ පසු පෞද්ගලික බස් සංගමයේ සභාපතිතුමන් මෙරට පොදු මාර්ග භාවිතයට පූර්ණ අයිතිවාසිකමක් සහිත ත්‍රිරෝද රථ රියදුරන් ට අදාළව කරන්නට යෙදුන යෝජනාව ගැන කනේ පහරේ නොමනාපය ප්‍රකාශ කර සිටිමු.  

එසේම අපගේ ඉල්ලීම වනුයේ ආත්මාර්ථයෙන් තොරව රථවාහන භාවිත කරන  අනෙකුත් සහෝදර ජනතාව හා සහයෝගයෙන් ඔබගේ රථ ධාවනයට කටයුතු කරන ලෙස යි. මන්ද යත් ඔබගේ සේවාව මෙන්ම ඔවුනගේ සේවාව ද අප හට අතිශය වටනා හෙයිනි. 

එසේම ත්‍රිරෝද රථ සේවාව හෙයින් මෙරට ජීවත්වන ප්‍රතිශතය ද ඉතා ඉහළ ය. එසේම ඔවුන් ද රටට බරක් නොවී තම තමන්ගෙ පවුල් රක්ෂා කරන හෙයින් අප පමණක් නොව ආණ්ඩු පවා ඔවුන්ට කෘතවෙිදි විය යුතුයැයි කනේ පහර විශ්වාස කරමු සහ ඔබට සිහිපත් කරමු.

නොවක් තුති.