Thursday, June 27, 2019

ජනතා උසාවිය . අද අහන්නේ රට තොට පිටට කුළියට දීම ගැන

අපට බලපානවද නැද්ද?

අපේ තොටක් කුළියට හරි බදු හරි දුන්නොත් මොකද වෙන්නෙ?

උත්තරය සරල යි ලේසි යි.

අපි දෙයක් කුළියට දෙන උන්ට හතුරෙක් ඉන්නවා නං  උන්ට ගහන්ට හොද තැන එතැන කියල හිතුවොත් වදින්නෙ අපිට හින්ද.

ඒ හින්ද තොටුපොළක් හරි ගුවන් කලාපයක් හරි කාටහරි බද්දට හරි කුළියට හරි දෙනව නං නොදිය යුතු වන්නෙ ඇයි කියන දේ දැන් දන්නව නේද?

විශේෂයෙන් වෙනත් රටක ආරක්ෂක බල ඇණියක් අපේ දේශයේ නැංගුරං දැමුවොත්, අපි හිතමු නාවික කියල, පර්ල් වරායට ගැහුව වගේ ගැහුවොත් වෙන්නෙ මුහුදට පැනල මැරෙන්ට තොපිලට නෙවෙයි අපිට.

ඒ හින්ද නෝනා මහතුනේ දෙන්ට කළින් හිතන්ට. 

අනිත් කාරණය තමයි අපේ නාවික හෝ යුධ හෝ ගුවන් හෝ නායකත්වයන්ට නිදහසේ අපේ දේ බලාගන්ට අත විතරක් නෙවෙයි පයත් ඉඩ තියෙන්ට අවශ්‍යයි. නැද්ද?

අපේ ලොක්කන්ගෙ අණට පිට ඈයෝ කීකර ැ වෙයි කියල හිතන්ට පුලුවන්ද? 

වෙන කාටහරි දුන්නොත් අපේ අයට සියයට සියයක් වග කියන්ට පුලුවන්ද? ඒ පැත්තෙ වෙන දේට ඇගිලි ගහනව කියයි. අපි සල්ලි දීල අරන් තියෙන්නෙ කියයි. අපේ ඒවා අපි බලාගන්නන් කියයි. ඔයාල ඔයාලගේ ඒව බලාගන්ට කියයි. රටක් බලා ගන්ට ආරක්ෂා කරන්ට නිදහස ඔිනේ නැද්ද?

වෘත්තීය නිදහස විතරක් නෙවෙයි ආරක්ෂාකාරියට ඒ දේවල් වැදගත් නැද්ද. 

ගෝලීය ත්‍රස්තවාදය තියෙන ලෝකයක යුධ නාවික ගුවන් කලාප වෙනත් රටවලට දීම අනුචිත ය. මෙය මා වැනි සිවිල් වැසියෙකුගේ දෘඪ මතය යි.

අද වනවිට ලෝකය තුළ බලවන්තයින් වනුයේ අතීතයේ බලවන්තයින් වී වුන් අය නොවන්නේය. ලෝකයේ පොලිස්කාරයා යැයි කියන රට තවදුරටත් ලෝකය තුල පොළිස් කාරයෙකු නොවන්නේ යැයි මා සිතමි. ඔවුන්ගේ ආරක්ෂක කලාපයන් පමණක් නොව ඔවුන් අදවනවිට ලෝක තුස්තවාදයේ ප්‍රබල ඉලක්ක  හා හතුරන් බවට පත්ව තිබෙන්නේය. එක්තරා වසරක සැප්තැමිබර මාසයේ වූ සිදුවීම හා ආරක්ෂක අටපටිටමට වූ දේ මතක නං එවැනි තීරණ වලට එලඹීම අනුචිත ය. 

මෙහි අරමුණ ඔවුනගේ හැකියා අවක්සේර ැ කිරීම නොව අපේ ආරක්ෂාව අපි විසින් තහවුර ැ කරගැන්මත් අනවශ්‍ය හෝ අනුචිත තීරණ හෙයින් ඊට බාධාවීම වැලැක්වීමත් ය. කලාපයක් නිදහස්ව පවතින විට ආරක්ෂා කිරීම පමණක් නොව වැඩ කිරීමත් පහසුය යනු මාගේ පිළිගැනීම යි.

හිතා බලන්න පනින්ට පෙර.


ටිටමට සිදු වූ දේ 

එසේ හෙයින් 





No comments:

Post a Comment