Monday, January 29, 2018

රාජ්‍ය බැංකු, ජනතා දේපළ හා රජයක වගකීම

ඉස්සර හුගක් ගෙවල්වල පුංචි කැටයක් නැති වෙන්නෙ නෑ. සතේ හරි පණම හරි මස්ස හරි ගෙයි ලිප් බොක්කෙ උණ බටෙි කපල කාටත් හොරාට හංගන්නෙ නැති වෙලාවක ගන්ට කියල. ඊට පස්සෙ මැටියෙන් හදාපු කැට කිරි ටින් වාගේ දේවල්වල සල්ලි එක්කාසු කරනව මං ඒ ගැන දන්නව දැකල තියෙනව. ඒවා ඉතිරි කිරීමි.
 අපේ මිනිස්සු ළග මුදල් හදල් යහමින් ගැවසෙන්න පටන් ගත්තට පස්සේ භාණ්ඩ හුවමාර ැවෙන් මුදලට මාර ැ වුනාට පස්සෙ ඉතිරි කිරීමි ණය ගනුදෙනු කරන ආකාර ක්‍රමයෙන් වෙනත් මුහුණුවරක් ගත්ත.

පවුල් ඇතුලෙත් එයින් පිටස්තර සමාජයේ පුංචි පුංචි කණ්ඩායමි අතරෙත් අතමාර ැ ක්‍රමයට නැති වෙලවක කාගෙන් හරි කීයක් හරි ඉල්ලගෙන නැවත පියවන ක්‍රම හොයාගෙන තිබුන භාවිත වුන දේ ඒ විදිහට වෙනත් හැඩතල ගන්ට පටන් ගත්ත. 

කොහොම හරි අපේ රටෙි බැංකු ක්‍රම ඇතිවුනාට පස්සේ‍ ක්‍රම ක්‍රමයෙන්  කැටෙි එකතුවෙන මුදල් එතැනින් එහාට ගිහින් ටිකක් දියුනු වෙලා බැංකු ක්‍රමයට මිනිස්සු අනුගත වෙන්ට පටන් ගත්ත දේ ටිකක් වැඩිපුර වෙන්ට ගත්තෙ විවෘත ආර්ථිකයත් එක්ක මුදල නැතිනන් ර ැපියල එක්ක තියුන ගනුදෙනුව වැඩි වුන හින්ද කියල මට හිතෙනව. 

අපේ මිනිස්සු රට රාජ්‍යවල ගිහින් සල්ලි හොයන් එන්ට පටන් ගත්තට පස්සෙ වැඩි වැඩියෙන් බැංකුවලට මුදල් ගලන්ට ගත්ත. පෞද්ගලික බැංකුවල අක්මුල් දස අතේ විහිදෙන්ට ගන්ට ඉස්සරවෙලා මිනිස්සු වැඩිපුර විශෟවාසය තිබිබෙ රාජ්‍ය බැංකුව කෙරෙහි ය කියන දේ බොර ැ වක් නෙමෙයි. 

අන්තර්ජාතික බැංකු ක්‍රම විදෙස් මුදල් එහෙට මෙහෙට හුවමාර ැ වෙන්ට ගත්තට පස්සෙ බැංකුවත් එක්ක තියුන ගනුදෙනුවත් ඊට සමගාමීව දියුනු තත්ත්වයකට පැමිණුනා.

කූපන් නැතිවෙලා මුද්දර ක්‍රම නැතිවෙලා යාමත් එක්කත් මුදල් භාවිතයේ පුංචි වෙනසක් වුනා කියල මට හිතෙනව. තමන් අවට සමාජයේ හිතමිත්‍ර ඥාති කණ්ඩායමි එක්කාසු වෙලා සීටිටු වාගේ දේවල් දාලත් මිනිස්සු එකතු කලා ඉතිරි කිරීමි ක්‍රමයක් හැටියට. අදටත් මෙි තරං දියුනුය කියන අපේ සමාජය ඇතුලේ ඒක සිද්ද වෙනව. ඉතිං ප්‍රාථමික නොදියුනු ඩිජිටල්ගත බැංකු ක්‍රමවෙිද අදවෙනකොට අපේ රටෙි මිනිස්සු අතර භාවිත වෙනව. 

ඉතිං ඒ කතා පැත්තකින් තියමුකො.

ඇයි රටකට බැංකු අවශ්‍ය? මුල්‍ය ආයතන අවශ්‍ය? ඊටත් එහා හිතුවොත් ඇයි රටකට රාජ්‍ය බැංකු හෝ මුල්‍ය ආයතන අවශ්‍ය?

රාජ්‍ය භාණ්ඩාගාර කියල දෙයක් රටක තියෙනව. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශ තියෙනව. 

නූතන ආර්ථික ක්‍රම උපායන් භාවිත කරන රටක් තියේනං සංවර්ධන ඉලක්ක හඹායන, එවැනි රාජ්‍ය පරිපාලනයකට, තමන් සතුව බැංකු ක්‍රමයක් නැතිව, ස්වාධීන ආර්ථික සැලසුමි, සංවර්ධන වැඩකටයුතු කිරීමෙි හැකියාව කෙසේ වෙතත් ඊට තියෙන නිදහස කෙබදුද? 

වෙසෙසින් මුදල් නැතිය කියා කියන රජයකට රාජ්‍ය පරිපාලනයකට පෞද්ගලික බැංකු සමග ගනුදෙනු පවත්වාගෙන යාමෙන් ලබන්ට පුලුවන් ලාභය මොකක්ද? ඒ කියන්නෙ පෞද්ගලික බැංකු මගින් ණය ලබා ගැනීම වැනි දෑ උදාහරණයකට ගතහොත්. 

වර්තමානයේ  කිසියමි රාජ්්‍ය   ආයතනයක් විකිනෙන තත්ත්වයක් ගැන කතා කරනවා නමි ඊට හේතු හැටියට ඉදිරිපත් කරනවග අප දැක්කෙ පාඩු ලැබීම. මත්තල ගැන කියා හිටියෙ එහෙම කතාවක්. 

දැනට අපේ රාජ්‍ය මූල්‍ය ආයතන අතරින් පාඩු ලබන බවට ඔප්පු වුන රාජ්‍ය බැංකු මොනවද?

පවතින ආණ්ඩුව රාජ්‍ය බැංකු විකිණීමෙි ආර්ථික ක්‍රම ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නං ආණ්ඩුවට ඊට හේතු හැටියට ඉදිරිපත් කරන්ට තියෙන සාධාරණ හේතු මොනවද?

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයක් තියෙන රටක රාජ්‍ය ආයතන විකිනීමෙන් තොරව වෙනත් විකල්ප වලට යාමට නොහැකි අමාත්‍යාංශයක් ආර්ථික ප්‍රතිපත්තියක් තිබීමෙන් රටකට වෙන සෙත කුමක්ද?

තමන්ගේ ආණ්ඩුව ඇතුලෙ ආදායම ඉහළ දා ගන්න විවිධ මටිටමෙි බදු අය කිරීමි ඇර ැනම  රාජ්‍ය දේපළ විකිනීම හැර ැනම වෙනත් ක්‍රම හිතන්ට බැරි වෙන්ට හේතු මොනවද?

විකිනීමෙන් එකවර ලබන්ට පුළුවන් මුදලින් කරන්ට පුළුවන් දේ  හෝ දෑ මොනවාද? තියාගෙන පරිස්සං කරගෙන කරන්ට බැරි?

විකුණන්නෙ කාටද?

ගැනුං කර ැවන් කවුද?

එසේ විකිනීමකදී ඒවායෙහි කොටස් හැබෑවට මිළදී ගන්නන් වන්නේ කවුද?

එසේ වුවහොත්ඒ වයෙහි ලාබාංශ ගලායනුයේ කාගේ ගිනුමි වලට ද?

විකිනීමෙහි හෝ විකිනීමක හැබෑ කතාව හෝ තත්ත්වය මොකක්ද?

විකිනෙන විකුණන බැංකුවක කොටස්කර ැවන් හෝ අයිතිකර ැවන් විශ්‍රාමික අහවල් දේශපාලඥයා යැයි කියන තත්ත්වයක් පැන නොනගී ද ? 

දැනට පවතින රජයේ බැංකුවක සේවය කරන්නන් රාජ්‍ය සේවකයින්  ලෙස හදුනා ගැනෙද්දී ඉදිරියේදි ඔවුන්  පෙෘද්ගලික  අංශයේ සේවකයින් ලෙස පෙනී සිටීමට ඔවුන් තුළ ඇති කැමැත්ත  ගැන කතාව කෙබදුද? 

රජයේ සේවකයින්ගේ වෘත්තීය ආරක්ෂාව තහවුර ැ කෙර ැමට රජයක් සතුව පවතින යුතුකම කෙසේ වතුදු ඒ වෙනුවෙන් ඇති වගකීම ගැන කතිකාව කෙබදුද? 

ඉදිිරයේදි රාජ්‍ය බැංකු පරිපාලනයෙන් හෝ එවැනි කටයුතු පිළිබදව සොයා බැලීමෙි කාරිවලින් නිදහස් මහ බැංකු අධිපති තනතුර ගැන කතිකාව කුමන හැඩතලයක් ගනීද ?

නිළ තනතුර ැ ගොන්නෙන් ඉවත් වන්නේද?

රාජ්‍ය බැංකු කෙරෙහි හෝ බැදුමිකර ගනුදෙනු ඉෂ්ට සිද්ද වෙන ආකාරය ගැන ර්‍ශ්‍ර ලාංකිකයින් තුල පවතින විශ්වාසය පලුදු වීම නැවත පිළිසකර කරන එක් ක්‍රමයක් ලෙස රාජ්‍ය බැංකු විකිනීම ගිනීමට ආණ්ඩුව හිතන්නේද?

විකිනීමක් වෙනුවට රාජ්‍ය බැංකු හෝ එවැනි කටයුතු සිද්දවෙන ආකරයන්හි විනිවිදභාවය හා සද්භාවය ගැන සැළකිලිමත් විය යුත්තෙ කෙසේද? එවැනි කාරණා ගැන සැලකිලිමත් වීම නොවැදගත් යැයි සිතන්නේද?

එවැනි බැංකු කටයුතු රටක සංවර්යධනය ඉහළතලයකට විශ්වසනීය තලයකට ගෙන ඒමට පවත්වාගෙන යා යුත්තේ කෙසේද හෝ ගැලපෙන ක්‍රමවෙිද මොනවාද යන්න ගැන සොයා බැලුම ඊට අවැසි පිළියමි යෙදීම රාජ්‍ය බැංකු විකිනීමට තැත් දරනවාට වඩා ප්‍රායෝගික නොවන්නේද?

ඒ හෙයින් අහිමි වූ ආදායම හෝ නැති වූ මුදල් වෙත්නමි හෝ වෙනත් දෙයක් හෙයින් නැති වූ යමක් වෙත්නමි රාජ්‍ය බැංකු විකිනීමෙන් පියවා ගත හැකි යැයි සිතන්නට යෙදුනේ කුමන පදනමක් මතදැයි ජනයා හට දැන ගත හැකිද?

රාජ්‍ය බැංකු විකිනීමෙන් රටක් ආර්ථික වශයෙන් සංවර්ධනය කල හැකි යැයි උපදෙස් දුන් ආර්ථික හෝ සංවර්ධන විශේෂඥයින් කවුද? ඊට සහයවන ව්‍යවස්ථා රීති හෝ වගන්ති මොනවාද?

රාජ්‍ය බැංකුවක් විකිනීමෙන් ලබන මුදල්  එක් සභාවාරයක් පැය පහක කාලයකට පවත්වා ගැනුමට ලක්ෂ අසුවක වියදමක් කර, සුපිරි වාහනයක් හෝ වෙනත් දෙයක් මිළ දී ගැන්මකට වියදංකර ඉවර වූ පසු ඊ ළගට කොටස්කර විකුනා දමනුයේ මොනවාද? අරලිය ගහ මැදුර ද?

රාජ්‍ය ආයතන විකුණා දමන්නේ යැයි කිසියමි දිනෙක ඔබ ආණ්ඩුව විසින් එතෙක් මෙතෙක් පැවති ආණ්ඩු විවෙිචනය කර නොමැති ද?

සියල්ල පෙෘද්ගලීකරණය වන්නේ නං හෝ පෙෘද්ගලික අංශයක් පමණක් පවතින රටක් වනුයේ නං ආණ්ඩුවක් රජයක් රටකට අවැසි වනුයේ කුමන හේතුවක් හෙයින් ද?

ශ්‍රී ලංකා පාර්ලිමන්ටි ප්‍රයිවටි ලිමිටඩි වන දිනය වැඩි ඈතක නොවන්නේ යැයි සිතනවාද නැතහොත් රාජ්‍ය ආයතන මෙන්ම එහි සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය රකින ඔවුනගේ සුබසාධනය ගැන වගකියන ර්‍ශ්‍ර ලංකා ප්‍රජාතන්ත්‍රවාදි  සමාජවාදී ජනරජය ලෙස නොබෙදුනු කොටස් නොවූ රාජ්‍ය හෝ අනෙකුත් දේපළ කොටස් වන්නාක් මෙන් නොවුනු එකීය රාජ්‍යයක් ලෙස පවතිනවාද යන්න ඔබ පමණක් නොව වැසියන් ලෙස අප ද සිතිය යුතුය එසේ නොවන කලෙක වැසියන්වන අප ක්‍රියා කල යුත්තේ කෙසේදැයි යන්න ගැන ද අප විසින් ද සිතිය යුතු යැයි මා හට හැගෙයි.

මෙම සටහන රාජ්‍ය සේවකයින් හා ජනතා දේපළ සුරැකීම වෙනුවෙනි.  




  







Thursday, January 25, 2018

මගේ ගම යි වික්‍රමසිංහ මහත්තයගෙ ගම යි ඔයාලගෙ ගම යි

වික්‍රමසිංහ මහත්තයගෙ ගම කොහෙද කියල කවුර ැත් දන්නව. ඒත් මගේ ගම ගැන කවුද (නො)දන්නෙ ?

එදා වික්‍රමසිංහ මහත්තය ජීවත්වුන ගම අද තියෙනවද?

එදත් එක්ක සංසන්දනය කරල බැලුවම අද එදා ගමෙි තිබුන දේවල් වලින් මොනවද ඉතිරිවෙලා තියෙන්නෙ?

එදා මැමිබර්ල අද නැහැ

අද ඉන්නෙ පාර්ලිමේනතු මංත්‍රීවර ැන්. ප්‍රා දේශීය සභා පළාත් සභා නියෝජිතයින්.

වෙන මොනවද එදා නැති අද තියෙන? අද නැති එදා තිබුන?

එදා වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි එතුම පුංචි සංදියෙ අ ආ යන්න ඉගෙන ගත්තෙ කොහොමද?

අද පුංචි එවුන් ඉගෙන ගන්නෙ කොහොමද?

අධ්‍යාපනය ගැන හිතනකොට වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි ඉස්කෝලයි මගේ ගමෙි ඉස්කෝලයි අතර තියෙන වෙනස ගැන මොකද හිතෙන්නෙ? මං කියන්නෙ එද යි අද යි සංසන්දනය කරල බලනකොට. 

එදා වික්‍රමසිංහ මහත්තය කැකිරි කෑවද කදිමට උයාපු ඇඹුල් තියල් කෑවද?

අද කැකිරි යි කිරි යි අතර මොනව හරි ගනුදෙනුවක් තියෙනවද වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි උදවිය?

එදා ර ැපියල යි අද ර ැපියල යි අතර තියෙන පරතරය කොහොමද?  එදා ර ැපියල අද ට වඩා බර ද?

එදා මැමිබර් මහත්වර ැ අපිට හරි වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි අයට හරි දෙනව කියලපොරොන්දු වුන දේ ද අද ගමට ඉල්ලන ඒ වෙනුවෙන් පන දෙන්ට යන අය පොරොන්දු වෙන්නෙ?

නැහැ. ඒක මං කියන්න ඕනෙ නැහැනෙ. නේද?

එදා පොරොන්දු වුන දේවල් අද වෙනකොට දීල ඉවරයි නෙ? (එහෙමනෙ වෙන්ට ඕනැන්නෙ)

හැබැයි එද යි අද යි කියල නැතිව මෙචිචර දේවල් දෙන්නං කියන්නෙ එදා පටන් අද දක්වා දෙන්නං කියාපුව තාම දීල ඉවර නැද්ද?

එදා ගංගොඩැලිවල සමිති සමාගං වල තත්ත්වය කොහොමද

කීයක් හරි වුවමනාවෙනකොට කා ළගටද යන්නෙ?

සමහර අය වික්‍රමසිංහ මහත්තයලගෙ ගෙදරටත් යන්න ඇති.

ඇයි සාමාන්‍ය යෙන්    ගමෙි පිළිගත්ත අය ගාවටනෙ මිනිස්සු එහෙම වෙලාවක යන්නෙ එන්නෙ මොනවහරි ඕන වුනාම. එහෙම නේද?

හැබැයි අද ගංවල බැංකු නැද්ද

කෙනෙක්ට යමක් අවශ්‍ය වුනාම රත්තරං ඇන්න වුනත් ණයක් ගන්න වුනත් ගමෙි බැංකුවට ගියෑකි. අද ලොකු බැංකු කොයිකත් ගමට කිටිටුවෙන් තියෙනව.

අද එදා වගේ නෙමෙයි. වික්‍රමසිංහ  මහත්මයගෙයි මගේ ගමෙයි ඔයාලගෙ ගමෙයි කියල වෙනසක්  නැතිව මිනිස්සු සල්ලි අතපත ගානව යහමින්.

හැබැයි වැඩෙි තියෙන්න මිනිස්සුන්ගෙ ආදායමට වඩා වියදම වැඩි නිසා ඉතිරි කරන්ට අමාර ැයි. එදා වික්‍රමසිංහ මහත්තය පොතක් පතක් හිතේ හැටියට පළකර ගත්තෙ වියදං අඩු හින්ද වෙන්ටත් පුලුවන්නෙ?

මං මෙි මෙතෙක් වෙලා  කියුවෙ මාටින් වික්‍රමසංහ මහත්තය ගැන කියල කවු ර ැත් ඉතිං දන්නවනෙ?

එදා වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි පන්සල යි අද පන්සල යි මිනිස්සුන් එක්ක තියෙන ගනුදෙනුව කොහොමද?

එදා ට වඩා අද උන්වහන්සේලාට වැඩ වැඩි යි.

එදා දාපු දැල් අද දාන්ට බැරි ඇයි කියල හිතනව ඇති වික්‍රමසිංහ මහත්තයගෙ ගංගොඩැල්ලෙ උදවිය ධීවර කර්මාන්තය ගැන හිතල බලනකොට.

අද තියෙන්නෙ ට්‍රෝලර් මහ ලොකු නැවි. අද තියෙන හීන් දැල් මහ දැලක් මහන්ට යන වියදං ගැන දැන ගන්ට පුලුවන් දෙහිවල දුමිරිය ස්ථානය අහල තියෙන කුඩා ධීවර ගංමානෙට ගියානං. අනිත් කාරණේ එයාලටත් කියන්ට යමක් තියෙනව මාලු අල්ලන බෝටිටු රක්ෂණය ගැන එයාලා මොනවද හිතන්නෙ කියල.

සමහර ගංවල හැම දේටම මූලිකත්කවය ගන්නෙ මරණාධාර සමිතියෙන්. මගෙ ගමෙත් එහෙම පොඩි ක්‍රමයක් තියෙනව.

ඉතිං ගම යි සමිතිය යි අපි ආරක්ෂා කරගන්න අවශ්‍යය යි. කොයි කාට ගම අමතක වුනත් ගමෙි අයට ගම බලාගන්ට පුලුවන් වෙන්න ආන්න එතකොට විතරයි.

ගම යි නගරය යි දෙක ම එකට මතක් වෙන්ට නං ඉතිං ජනාධිපතිවරණයක් එන්ට එපැයි නේද?