Thursday, January 25, 2018

මගේ ගම යි වික්‍රමසිංහ මහත්තයගෙ ගම යි ඔයාලගෙ ගම යි

වික්‍රමසිංහ මහත්තයගෙ ගම කොහෙද කියල කවුර ැත් දන්නව. ඒත් මගේ ගම ගැන කවුද (නො)දන්නෙ ?

එදා වික්‍රමසිංහ මහත්තය ජීවත්වුන ගම අද තියෙනවද?

එදත් එක්ක සංසන්දනය කරල බැලුවම අද එදා ගමෙි තිබුන දේවල් වලින් මොනවද ඉතිරිවෙලා තියෙන්නෙ?

එදා මැමිබර්ල අද නැහැ

අද ඉන්නෙ පාර්ලිමේනතු මංත්‍රීවර ැන්. ප්‍රා දේශීය සභා පළාත් සභා නියෝජිතයින්.

වෙන මොනවද එදා නැති අද තියෙන? අද නැති එදා තිබුන?

එදා වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි එතුම පුංචි සංදියෙ අ ආ යන්න ඉගෙන ගත්තෙ කොහොමද?

අද පුංචි එවුන් ඉගෙන ගන්නෙ කොහොමද?

අධ්‍යාපනය ගැන හිතනකොට වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි ඉස්කෝලයි මගේ ගමෙි ඉස්කෝලයි අතර තියෙන වෙනස ගැන මොකද හිතෙන්නෙ? මං කියන්නෙ එද යි අද යි සංසන්දනය කරල බලනකොට. 

එදා වික්‍රමසිංහ මහත්තය කැකිරි කෑවද කදිමට උයාපු ඇඹුල් තියල් කෑවද?

අද කැකිරි යි කිරි යි අතර මොනව හරි ගනුදෙනුවක් තියෙනවද වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි උදවිය?

එදා ර ැපියල යි අද ර ැපියල යි අතර තියෙන පරතරය කොහොමද?  එදා ර ැපියල අද ට වඩා බර ද?

එදා මැමිබර් මහත්වර ැ අපිට හරි වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි අයට හරි දෙනව කියලපොරොන්දු වුන දේ ද අද ගමට ඉල්ලන ඒ වෙනුවෙන් පන දෙන්ට යන අය පොරොන්දු වෙන්නෙ?

නැහැ. ඒක මං කියන්න ඕනෙ නැහැනෙ. නේද?

එදා පොරොන්දු වුන දේවල් අද වෙනකොට දීල ඉවරයි නෙ? (එහෙමනෙ වෙන්ට ඕනැන්නෙ)

හැබැයි එද යි අද යි කියල නැතිව මෙචිචර දේවල් දෙන්නං කියන්නෙ එදා පටන් අද දක්වා දෙන්නං කියාපුව තාම දීල ඉවර නැද්ද?

එදා ගංගොඩැලිවල සමිති සමාගං වල තත්ත්වය කොහොමද

කීයක් හරි වුවමනාවෙනකොට කා ළගටද යන්නෙ?

සමහර අය වික්‍රමසිංහ මහත්තයලගෙ ගෙදරටත් යන්න ඇති.

ඇයි සාමාන්‍ය යෙන්    ගමෙි පිළිගත්ත අය ගාවටනෙ මිනිස්සු එහෙම වෙලාවක යන්නෙ එන්නෙ මොනවහරි ඕන වුනාම. එහෙම නේද?

හැබැයි අද ගංවල බැංකු නැද්ද

කෙනෙක්ට යමක් අවශ්‍ය වුනාම රත්තරං ඇන්න වුනත් ණයක් ගන්න වුනත් ගමෙි බැංකුවට ගියෑකි. අද ලොකු බැංකු කොයිකත් ගමට කිටිටුවෙන් තියෙනව.

අද එදා වගේ නෙමෙයි. වික්‍රමසිංහ  මහත්මයගෙයි මගේ ගමෙයි ඔයාලගෙ ගමෙයි කියල වෙනසක්  නැතිව මිනිස්සු සල්ලි අතපත ගානව යහමින්.

හැබැයි වැඩෙි තියෙන්න මිනිස්සුන්ගෙ ආදායමට වඩා වියදම වැඩි නිසා ඉතිරි කරන්ට අමාර ැයි. එදා වික්‍රමසිංහ මහත්තය පොතක් පතක් හිතේ හැටියට පළකර ගත්තෙ වියදං අඩු හින්ද වෙන්ටත් පුලුවන්නෙ?

මං මෙි මෙතෙක් වෙලා  කියුවෙ මාටින් වික්‍රමසංහ මහත්තය ගැන කියල කවු ර ැත් ඉතිං දන්නවනෙ?

එදා වික්‍රමසිංහ මහත්තයගෙ ගමෙි පන්සල යි අද පන්සල යි මිනිස්සුන් එක්ක තියෙන ගනුදෙනුව කොහොමද?

එදා ට වඩා අද උන්වහන්සේලාට වැඩ වැඩි යි.

එදා දාපු දැල් අද දාන්ට බැරි ඇයි කියල හිතනව ඇති වික්‍රමසිංහ මහත්තයගෙ ගංගොඩැල්ලෙ උදවිය ධීවර කර්මාන්තය ගැන හිතල බලනකොට.

අද තියෙන්නෙ ට්‍රෝලර් මහ ලොකු නැවි. අද තියෙන හීන් දැල් මහ දැලක් මහන්ට යන වියදං ගැන දැන ගන්ට පුලුවන් දෙහිවල දුමිරිය ස්ථානය අහල තියෙන කුඩා ධීවර ගංමානෙට ගියානං. අනිත් කාරණේ එයාලටත් කියන්ට යමක් තියෙනව මාලු අල්ලන බෝටිටු රක්ෂණය ගැන එයාලා මොනවද හිතන්නෙ කියල.

සමහර ගංවල හැම දේටම මූලිකත්කවය ගන්නෙ මරණාධාර සමිතියෙන්. මගෙ ගමෙත් එහෙම පොඩි ක්‍රමයක් තියෙනව.

ඉතිං ගම යි සමිතිය යි අපි ආරක්ෂා කරගන්න අවශ්‍යය යි. කොයි කාට ගම අමතක වුනත් ගමෙි අයට ගම බලාගන්ට පුලුවන් වෙන්න ආන්න එතකොට විතරයි.

ගම යි නගරය යි දෙක ම එකට මතක් වෙන්ට නං ඉතිං ජනාධිපතිවරණයක් එන්ට එපැයි නේද?















 


No comments:

Post a Comment