Wednesday, February 14, 2018

අනේ මන්ද වැලන්ටයින්



වැලන්ටයින්,
නුඹ දැක්කද නුඹ ඇදහූ
නෑඹුල් කෙල්ලක
සිය පුතු අත දරාන
යදිනා හැටි සිඟමන් මහමඟ?

වැලන්ටයින්,
නුඹ දැක්කද
නුඹ සමරපු පෙරදා
ඇතෙක් බරට ලැබුනු පොරොන්දු ටික හිස තියාන
වෙනවුන් ගැන නොසිතූ කෙල්ලක්
තනිකඩවී හිඳිනා හැටි?

වැලන්ටයින්,
නුඹ දැක්කද
ගෙදරට හොරාට
ඇරගෙන ගිය සැන් බෝතලෙ
තානායමි කාමරෙ කුඩුවුන හැටි
බියපත්වුන හිචිචි කෙල්ලක අතින්?

වැලන්ටයින්,
නුඹ දැක්කද
නුඹ සමරපු දා තෑගි ලැබුන
කරමාලය අත තියාන
සිය සැමියා සැමර ැමිපත් ලියනා හැටි
අන් අඟනන් හට දුටු
දුක්වෙන හැටි එක් බිරිඳක්?

වැලන්ටයින්,
නුඹ දැක්කද
ලස්සන මල් සාප්පුවල
වීදුර ැ අල්මාරි පුරෝල තියෙන
රතු රෝස මලක් දෙන්ට නැතිව
දුක්වෙන හැටි
උස බිල්ඩින් හදනා ගමෙි එකා
කාසි නැතිව ?

අනේ මන්ද වැලන්ටයින්
මං දන්නෑ
අමිමට බත් ටිකක් නොදෙන
තාත්ත ලෙඩ වුනාම අහක බලන
ප්‍රේමවන්තයන් (තියන්)
ඇෆ් ඇමි ලෝකයෙ පළදින කිර ැළු දැකල
නුඹට දුක හිතුනද නැද්ද කියල වැලන්ටයින්

ඒ උනාට වැලන්ටයින්
මට දුක උන් ගැන නමි නෙමෙයි වෙලාවකට
සාන්තුවර තත්තෙ තියන් ඉන්ට නැති

නුඹ ගැනයි වැලන්ටයින්