Monday, April 23, 2018

ප. ලි.

කොළඹ කොටුව දුමිරිය නැවතුම ඉදිරිපිට නිසිලෙස කුණු බැහැර කිරීම පිණිස සවිකර ඇති භාජන දුටුවිට මා හට දැනුනේ සතුටකි.

එයට කොළඹ මහ නගර සභාවට කමිමුල්  පහරේ ප්‍රනාමය !

Saturday, April 21, 2018

කුණු

ඇත්තටම අපි සංවර්ධනය වෙලා ද? තැන තැන තියෙන කුණු දැක්කම මට හිතුනෙ අපි සංවර්ධනය වෙන්ට තව හිතලවත් නෑ කියල අනික් රටවල් වලට සාපේක්ෂ්ව.

දියුණුය කියල ලෝකෙ පිළිගන්න රටවල් දිහා බැලුවම ඒ රටවල් තමන්ගෙ භෞතික පරිසරය තියාගෙන ඉන්න විදිහ බැලුවම ඇත්තටම ඒ රටවල් දියුණුය නැත්නන් සංවර්ධනය වෙලාය කියල කියන කාරණාව පිළිගන්ට වෙනව.

ටවුමකට ප්‍රසිද්ධ පොදු ස්ථානයකට ගියොත් අපේ උදවිය තැන තැන දාපු කුණු දැක ගන්ට පුළුවන්.
ඇයි තමන් කන බොන දේ දවටනය නිසි විදිහට දාන්ට තැනක් නැත්නන් ආපහු ගෙදර අරගෙන යන්නෙ නැත්තෙ?
බස් රථයෙ නැත්නන් දුමිරියේ කවුළුවෙන් එපිටට විසි කරන්නෙ නැතිව ගෙදර ගිහින් විසි කරන්ට බැරි ඇයි?

ඉස්කෝලෙ උගන්නන්නෙ නැද්ද කියල හිතෙන තරමි නේද?

ඇත්ත අපිට පිළිගන්ට වෙනව දුමිරිය වාගේ සමහර පොදු ස්ථානවල ඇරැනම කුණු බැහැර කරන භාජන ටවුමෙ බස් නැවතුමි පොළවල් අහල නැහැ කියල. ඒත් අපේ ගෙවල් වලට ක්‍රමිකව නැතත් කුණු ගෙනියන්ට එනවනෙ අපිට පුළුවන් අපි කන බොන දේවල්වල දවටන ගෙදර ගෙනවිත් ඉවත් කරන්ට.

මං මෙික ඉල්ලන්නෙ පාසල් යන දරැවන්ගෙන්. මොකද වැඩිහිටි මෝඩයින්ට මෙි දේවල් කියල වැඩක් නෑ කියල මං විශ්වාස කරනව.

පුංචි දරැවන් හැටියට ඔබ ඒ දේවල් හිතන්ට පුරැදු උනොත් තව අවුරැදු තහයක් පහලොවක් යනකොටවත් අපිට අනිත් රටවල් වාගේ සංවර්ධනව වෙතෑකි. එහෙම උනොත් අපේ රටට පිටින් සංචාරකයින් වශයෙන් එන යන අයටත් සතුටු හිතෙයි මෙහෙ ඇවිත් ලෙඩ හදා ගන්ට වෙයි කියල එන්නෙ නැතිව ඉන්න එකක් නෑ.

කුණු හින්ද බෝවෙන රෝග ගැන ඔයාලට ඉස්කෝලෙදි කියල දෙනව නේද?

ඉතිං ඒ ගැන හිතන්ට මෙි එන වෙසක් මාසේ හොදද?

Saturday, April 14, 2018

සාමය ඉතිරෙන්න යි සහජීවනය පැතිරෙන්න යි හැම අටුකොටු පිරෙන්න යි නව වසරේ අප පැතුම යි





සිසිල ඉහිරෙන
නෙතග පැටලෙන
ගුණ දමි පැතිරෙන
මනුස්ස දමි රජයන
ශ්‍රී සුබ සිංහල හින්දු නව වසරක් වෙිවා!

Saturday, April 7, 2018

පිරිසිදුකම

අපි හරි ඉහළින් පිරිසිදුකම ගැන කියවන්නෙමු. නන්දොඩවන්නෙමු.

එහෙත්,

අපි යනෙන, ඔබ යනෙන හෝ නොයන හෝ බොහෝ ප්‍රසිද්ධ ස්ථාන අසල එක්රොක් වී ඇති කුණු ගැන, තැන, තැන දමා ඇති හිස් ටින් බෙලෙක්ක,බෝතල් ඇතුළු බොහෝ දෑ ගැන ඔබට නිකමට හෝ මොනවත් නොහිතෙන්නෙ මන්දැයි සිතේ. 

නොරටුන් යැයි අප විසින් වචනාර්ථයෙන් විස්තර කරනට යෙදෙන ඇත්තන් ඇත්තියන් අපේ දේශයට සංචාරකයින් වශයෙන් පැමිණෙන විට ඒ දැක අහා !මෙවැනි පිරිසිදු දේශයක් වෙන කොහේ වෙත්දැයි සිතනු නොඅනුමාන ය. එවැනි කිසිවක් රටක සංචාරක ව්‍යාපාරයට බලනොපාන්නේ යැයි ඔබ හිතන්නේදැයි මා හට පුදුමත් හිතේ. 

රට ආයතනික වශයෙන් පිරිසිදු කරනට යත්න දරන  ඔබ තමුන්නාසේලා කිසිවෙකුට හෝ භූගෝලීය වශයෙන් හෝ පාරිසරික වශයෙන් අවම තරමින් ප්‍රසිද්ධ ස්ථාන පමණක් හෝ නිතර පිරිසිදු කරන  ක්‍රමයක් නැද්දැයි සිතෙන්නේ එවිට ය. 

ජයවර්ධනපුර රෝහළ අසල පිහිටා ඇති ළමා උද්‍යානය දැන ගන්නට ඇති ආකාරයට සති කිහිපයකින් පමණ අතු ගා පිරිසිදුකර නොමැත. එහි ඇති විශේෂත්වය වනුයේ ඊට නිතර කුඩා දර ැවන් පැමිණීම ය. එසේ හෙයින් ළමා හා වැඩිහිටි  ස්වස්ථතාවය ගැන සමුළු පවත්වන ඒ ගැන නිතර කතා කරන උදවිය වශයෙන් අවම අවධානයක් යොමුකරලීම නොවටී යනු මාගේ හැගීම යි. මෙය මා පෞද්ගලික වශයෙන් නිරීක්ෂණය කරන්නට යෙදුනකි. 

තැන තැන තමන් විසින් මිළ දී ගන්නා දෑ පිරිසිදු කරන්නට, කරන්නට  තැන තැන දමා යන වග ද නොරහසකි. එසේ වුවත් බලධරයිනි නොරටුන්හට ඒ කිසිවකින් ඇති වැඩක් නැත. 

ප්‍රසිද්ධ ස්ථාන නිතර පිරිසිදු කරතත් අපිරිසිදු වන්නේ නං එවැනි තැන් අසල රහස්‍ය කැමරා සවිකර තැබිය හැකිය. එය එසේ කල නොහැකි යැයි කාහට හෝ කිව නොහැකිවග මා දනී. එසේ වූ විට ඊට පිළියමක් යෙදිය හැකි යැයි අනුමාන කරමි. උදාහරණ වශයෙන් එසේ දමා යන සියලු කුණු හිස මත තබාගෙන පාර දිගේ ඇවිදගෙන නොහැකි නං දුවගෙන හෝ යන්නට ක්‍රමයක් ස්ථාපනය කල හැකි ය.  

දැන් බොහෝ අයට දෝශාභියෝගය නැමැති අභියෝගය නැත. එහෙත් දැන ගන්නට තිබෙන අයුර ැ තව තව දෝශාභියෝග එන්නට ඉඩ ඇත්තේය. ඒ වෙනුවෙන් කටයුතු කිරීමට වත්මන් රජයේ ඉතිරිව ඇති වසර එක හෝ දෙක ඉවරවෙනු ඇත. එක් කෙනෙකුගේ හෝ එක් රජයක දෙයක් හොයන්ට ගන්නා විට අන් අය ද කුණු බාල්දි අවුස්සා තමන්ටත් කුමක් හෝ සොයා ගත හැකිදැයි සොයති. එසේ කරනවිට ද තැන තැන කුණු වැටෙන්නේය. එසේ වුවහොත් ජනතාවට පසුගිය ඡන්ද කාලයේදී මෙන් කොස්සක් ඉදලක්ගෙන අතු ගාන්නට පටන් ගන්නට සිදුවිය හැකි ය.

රටක් පාරිසරික වශයෙන් හා ආයතනික වශයෙන් පිලිවෙලකට තබා ගැන්ම රජයක පමණක් වගකීමක් නොවන්නේය. එය පක්ෂ විපක්ෂ කොයි කාගෙත් වගකීම ය.