Sunday, January 17, 2021

නැගෙනහිර ජැටිය සහ අපේ ආරක්ෂාව

 වරාය සහ ගුවන් තොටුපොළ යනු අප රටට ඇතුල් වන්නට ඇති අතිශය වැදගත් ප්‍රධාන දොරටු දෙක කි. ඒවායෙහි ගේට්ටු සවිමත්ව තිබීම අත්‍යවශය කාරණයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඇතැමුන් අප ආරක්ෂක කපොලුවල ද්වාර වසා නොදමන්නේ නමි හෝ ඒවා විවෘතව තබන්නේ නං බොහෝ කැමති ය. ඊට හේතුව වන්නේ ඒවායින් පහසුවෙන් රට තුළට රිංගිය හැකි යැයි ඔවුන් සිතන බැවිනි. කෙසේ වුවත් දොරටු සවිමත්ව තිබීම සහ ඒවයෙහි පාලනය සහ යතුර අප සන්තකව තිබීම අතිශය වැදගත් වන්නේ එදාමෙදා තුර අප ඉතිහාසයේ සිදුවීමි හරහා උගත් පාඩමි හෙයිනි. 

ඉන්දියාව අපගේ පස මිතුරෙකි. පස මිතුරන් යනු යමක් පහසුවෙන් වටහා ගත හැකි අය යි. කොළම වරායේ නැගෙනහිර ජැටිය ගැන කිසියමි ගිවිසුමකට ඉන්දීය රජය හා රජය එළැඹ ඇත්නමි එය නැවත වන්දියක් ගෙවා හෝ නැවත අවලංගු කළ හැකි නමි ඉතාමත් සුදුසු යැයි අනාගතය සහ අප රටෙහි ආරක්ෂාව ගැන සිතන විට කනේපහරට සිතෙයි. රට අභ්‍යන්තරයට ආයෝජකයින් ගෙන ඒමෙන් බොහෝ වාසි ලබා ගත හැකි බව ඇත්තක්. එසේ නමුදු නැගෙනහිරත් අනෙත් ජැටිත් අප සන්තකව තබා ගැන්මෙන් ඒවා හරහා රට තුළට එන මිනිසුන් පමණක් නො ව භාණ්ඩ හා කන්ටෙිනර ගැන ද පූර්ණ වගකීම අපට ගත හැකි යැයි කනේ පහර විශ්වාස කරමු. 

රටට සහ දැයට ජය!