Friday, November 30, 2018

පැණි බීම, කිරි බීම සහ සීනි බද්ද

ඇත්තටම මටත් දැන් දියවැඩියා ලක්ෂණ මතු වෙමින් එනවද කියන්ට දන්නෑ පැණි බීම නං ඉස්සර වගේ නෙවෙයි ගුඩු ගුඩුස් ගාල  බෝතල් දෙක තුනකට උනත් වග කියතෑකි කිසි අපහසුවක් නැතිව.

හැබැයි වැඩෙි තියෙන්නෙ මං දන්නව පැණි බීම වගේ නෙවෙයි කිරි බීම ගුණයි කියල. එහෙම නේද?

මයෙ කිරි ආරෝවක් නෑ පැණි බීමවලට ගහල තියෙන බද්ද අඩු කලාට මොකද මං දන්නව බොන එකා ට (පැණි බීම ) කොහොම කිවිවත් නොබී ඉන්ට බෑ. අනිත් කාරණය තමයි පැණි බීමහල්වල සේවය කරන අපේ මිනිස්සු මාසේ අන්තිමට ගෙදරට කිරි බීම ඇරන් යන්නෙ ඒවයෙ වැඩ කරල ලැබෙන පඩියෙන් කියල. 

කිරි බීම (දියර ඝන වෙනත්) වලට ගහනවා නං මොකක් හරි බද්දක්, නැති වෙන්ට බෑ එහෙම බද්දක් තියෙනව. ආන්න ඒ බද්ද ලිහිල් කලොත් සියයට කීයකින් හරි කමක් නෑ අපේ පොඩි එවුන්ටයි බඩදර ැ මවට  හැදෙන වැඩෙන දුවන පනින පොඩි ලොකු කාටත් අවශ්‍ය පෝෂණය ටිකක් පහසුවෙන් ලබා ගන්ට ඇහැක් වෙයි. 

ඉතින් ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන අනාගතයක් පතන ගමන් මං හිතනව අපිටත් බලාපොරොත්තු වෙන්ටැහැකි කියල අපේ කිරි මිළ ගණන් ගොවියගෙ මිළ ගණන් වලට විදින්නෙ නැතිව ඉෂ්ට වෙයි කියල. 


Tuesday, November 13, 2018

කන ක්‍රම සහ වැඩ කරන ක්‍රම

මට දැනෙන හැටියට කිහිපයකි.

පහත පරිදි ය.

තමුන්ගේ වියදමෙන් කා වැඩ කිරීම.

තමුන්ගේ වියදමෙන් කා වැඩ නොකර හිඳීම.

අනුන්ගේ වියදමෙන් කා වැඩ කිරීම.

අනුන්ගෙන් කා වැඩ නොකර හිඳීම.

තමුන්ගෙන් හෝ අනුන්ගෙන් ටිකක් කා වැඩ ටිකක් කිරීම.

අනුන්ගෙන් හෝ තමුන්ගෙන් ටිකක් කා වැඩ ගොඩක් කිරීම.

ගොඩක් කා වැඩ ටිකක් කිරීම.

ගොඩක් කා වැඩ ගොඩක් කිරීම.

ටිකක්වත් නොකා වැඩ කිරීම.

ටිකක් හෝ ගොඩක් කා වැඩ කිසිත් නොකර හිඳීම.

අනුන් කන දේ ගැන හිතමින් හොයමින් පමණක් හිඳ වැඩ නොකර හිඳීම.

තමුනුත් අනුන්ගෙන් කා ඉන් අනුන්ටත් දී වැඩ නොකර හිඳීම.









Saturday, November 3, 2018

පිළිතුරක් ......................





වැණුවත් නොවැණුවත් රජකුගෙ ඇති අගේ
ඇත ඉහ කනවුන් සිට අගේ
දතොත් එහි තේර ැ ම අගේ
නිරිදුවෙයි නුඹ අප බෝ අගේ