Sunday, March 7, 2021

බාලිකා ළමා නිවාසවලට කෙල්ලන්ට දෙන්න ...........

සෑම බාලිකා නිවාසයකම කෙල්ලන්ට ඉහත පිරිසිදු යට ඇදුමි , සනීපාරක්ෂක තුවා , සබන් නොමිලේ ලබා දෙන්න ක්‍රමයක් හදා දෙන්න පුලුවන් නං ජනපතිතුමනි විෂයභාර ඇමතිතුමියනි හොදයි නේද? 

ඊට පස්සෙ ඉතින් පසුවිපරන් කරන්නත් ඔීනෙ. හැම පාලිකාවක්ම එක වාගේ නැහැනෙ. 

රජයේ නොවන අංශවලටත් හැකියාවක් තිබෙයි නං ළමා නිවාසවල කෙල්ලන්ට  ඉහත දෑ ටිකක් ගිහින් දෙන්න පුලුවන් නං අද ජාත්‍යන්ර කාන්තා දිනය දවසෙ හොදයි නේද?

කාන්තා සිරකාරිනියන්ගේ තත්ත්වය කොහොමද?

ඊළගට ඔවුන් සැම ලිංගික හිංසනයන්ට කිසිදු අයුරකින් ලක් නොවන තැනට අවශ්‍ය කටයුතු වන්නේ නං ද මැනවි.

ඔය දේවල් නිෂ්පාදනය කරන ව්‍යවසායකයින් එක්ක කතා කරල සහන මිලකට ඔය දේවල් රජයට මිලට ගන්න කටයුතු කරන්නත් පුලුවන් වෙයි.