Wednesday, June 12, 2019

ඔබගේ සේවාව මෙන්ම ඔවුන්ගේ සේවාව ද අප හට වටිනව.

මාර්ග නීති අකුරට ක්‍රියාත්මක කරන්ට පටන් ගන්නවා ය කියා කියූ පසු පෞද්ගලික බස් සංගමයේ සභාපතිතුමන් මෙරට පොදු මාර්ග භාවිතයට පූර්ණ අයිතිවාසිකමක් සහිත ත්‍රිරෝද රථ රියදුරන් ට අදාළව කරන්නට යෙදුන යෝජනාව ගැන කනේ පහරේ නොමනාපය ප්‍රකාශ කර සිටිමු.  

එසේම අපගේ ඉල්ලීම වනුයේ ආත්මාර්ථයෙන් තොරව රථවාහන භාවිත කරන  අනෙකුත් සහෝදර ජනතාව හා සහයෝගයෙන් ඔබගේ රථ ධාවනයට කටයුතු කරන ලෙස යි. මන්ද යත් ඔබගේ සේවාව මෙන්ම ඔවුනගේ සේවාව ද අප හට අතිශය වටනා හෙයිනි. 

එසේම ත්‍රිරෝද රථ සේවාව හෙයින් මෙරට ජීවත්වන ප්‍රතිශතය ද ඉතා ඉහළ ය. එසේම ඔවුන් ද රටට බරක් නොවී තම තමන්ගෙ පවුල් රක්ෂා කරන හෙයින් අප පමණක් නොව ආණ්ඩු පවා ඔවුන්ට කෘතවෙිදි විය යුතුයැයි කනේ පහර විශ්වාස කරමු සහ ඔබට සිහිපත් කරමු.

නොවක් තුති. 


No comments:

Post a Comment