Monday, December 19, 2016

the staircase and the unknown couple


සසර පු/ද්දට පස්සෙන් ආව මිසක් පඩි නගින එක ලේසි නෑ බුවනෙක.

තව ටික දුරයිනෙ.

අවශ්‍ය ප්‍රමාණෙට වඩා බරක් අරන්  ගමන් යන්ට බෑ ළමයො.
මොනවද ඔය හැටි ඔය බෑග් එකේ තියෙන්නෙ දේදුණු?

ගමනක් හෑල්ලුවෙන් යන්ට පුලුවන් වෙන්නේ අතේ, කරේ, විතරක් නෙමෙයි හිතේ උනත් බර අඩු උනාම.

හැබෑට?

කවුදෑ එහෙම කියල තියෙන පණ්ඩිතය?

පළමුවෙනි බුවනෙකබාහු කියල හිතන්ටකො.

හා! හා! යපහුවටත් ඔප්පුවක් ලියා ගන්ඩද ලෑස්තිය?

ලියා ගන්ට දෙයක් නෑ. අපි ඇවිත් තියෙන්නේ කාගෙවත් 

පෞද්ගලික ඉඩමකට නෙමෙයිනෙ.

එහෙනන්?

පොදු ඉඩමකට.

පොදු?

කෝ එහෙනන් තැන තැන කුණු තියෙන්ට එපැයි.

පොදු ඉඩං වලටනේ ව ට තියෙන කුණු දාන්නෙ.

ඇත්ත.

පඩිපෙළක් තියෙනකොට උඩට නගින්ට ලේසියි.
ඇත්ත.

හැම දේටම ඇත්ත" ඇත්ත කියල කියන්නේ පරිස්සමෙන්.

ඇත්ත.

ඇත්තෙ තියෙන ඇත්ත මොකක්ද?

ඇත්තෙ තියෙන ඇත්ත තමයි, ඇත්ත නැත්ත මොකක්ද කියල හරියටම හොයා ගන්න එක ඇත්තටම ලේසි නෑ කියන එක  වෙන මොනවද?

ඒ උනාට පඩි නැති හැම උසක්ම නගින්ට අමා/යි කියල, කියල තියෙන්නේ කවුද?

එහෙම කියල තියෙන්නේ කවුද කියල නං මං දන්නෑ. ඒ උනාට නගින්ට අමා/ තැන් නෑ කියල කියපු පණ්ඩිතය කවුද කියල නං මං දන්නව.

ඒ කවුද?

බුවනෙක ධීරපුර.

ඒක නෙමෙයි මොකද හිතුනෙ යාපහුව නගින්ට එන්ට?

හොයන්නාට හïබ වෙයි කියල කියන හින්ද හොයල බැලුව ඇවිදින්ට යන්ට හොඳ තැනක් තියෙනවද කියල. එතකොට තමයි යාපහුව දැක්කෙ.

කොහෙදිද?

යාපහුව දැක්කේ සුභ යාපහුව දැක්කට පස්සෙ. විජයබාහුල පළමුවෙනි බුනවෙකබාහුල රාජධානියක් හැටියට ඔප මÜï කරල ගත්තට පස්සේ. ඊට කළින් හරියට දැකල තිබුනෙ නෑ.

ඒ උනාට සමහ/ හොයන දේ නෙමෙයිනෙ අන්තිමට හïබු වෙන්නේ. වෙන දේවල් හොයාගෙන යනකොට තවත් දේවල් නෙ.

ඒ මොකද එහෙම කියන්නේ?

දැන් බලන්ඩ මං හොයෙ හොය හිටියෙ කැලුï කෙනෙක් මිසක් බුවනෙක කෙනෙක්ව නෙමෙයිනෙ.

සමහර වෙලාවට වැරදීමෙන් හරි මිනිස්සුන්ට වැඩියෙන් හොඳ දේ හïබ වෙනව.

වැරදුනාම හොඳක් වෙනවකියන කතාව එහෙනන් ඇත්ත.

මතු පිටින් දැකීමයි ඇතුලෙන් දැකීමයි කියන්නේ දෙකක්.

දැන් කාලෙ හරියට දකින්ට නං තාක්‍ෂණෙ තියෙන්ට ඕනෙ. නැතුව බෑ.

තාක්‍ෂණේට මුවා වෙලා කෙනෙහෙලිකන් කරන හැත්ත ගැන 
ඉගෙන ගන්න එකත් ඒකෙන් කරන්ට පුලුවන්.

මොකෙන්ද?

ඒකත් කරන්ට පුලුවන් තාක්‍ෂණෙන්ම තමයි.

තව නගින්ට තියෙනවද?

මගෙ පස්සෙන් මෝඩියෙක්  වගේ එන්නන් වාලේ එන්ඩ එපා.
කෙනෙක් අනුගමනය කරනකොට උනත් මොළේ පාවිචිචි කරන එකයි කරන්ට ඕනැන්නෙ. මං යන්නේ වැරදි පාරක නං ? ඔයත් යන්නේ ඒ පාරේ.

අවධානෙන් වට පිට බල බලා යන්නෙ කොහෙද කියල දැනගෙන තමයි කොයි ගමන උනත් යන්ට ඕනැන්නෙ.

හ්ï! දැන ගියොත්නෙ කතරගමට යා ගන්ට පුලුවන් වෙන්නෙ.

දැන් කතරගම කියල බස් එකේ ලියල තියෙනවනෙ.

ඔහොම හිනා උනොත් කන්ද පාත්වෙයි බිමට.

කෙනෙක් හිනා උනා කියල කන්දක් පාත් වෙනව කියල මං ඔය ඇහුවමයි.

මං කිවිවෙ ඔචිචමට හරි ඔලොක්කුවට හරි හිනා හිනා උනාම නෙමෙයි?

ඔය විදිහට පාලනයක් නැතිව හිනා උනාම.

පාලනය කර ගන්ට බැරිව හිනා වෙනව නං එහෙම අයට හිනා ‍fවන්ට කොහොමත් හොඳ නෑ.

ඒත් අපේ මිනිස්සු හිනා වෙන්නේ එහෙම අයට කියන කතාව අමතකද?

එහෙම වෙන්ට හේතු හොයල බලන්ට කාටද උවමනා?

ඇයි ඒ ගැන ඉගෙන ගන්න අයට?

ඒ වාගේ දේවල් වලට බෙහෙත් කරන අයට.

තව නගින්ට තියෙනවද?  

කන්දක් නැග්ගොත් පල්ලමක්.

කන්දකට පස්සේ හෙලක් උනත් තියෙන්ට පුලුවන්නේ.

කවුද නෑ කිõවෙ?

යාපහු කන්දට ගිහින් බිම බැලුවොත් මොකද හිතෙන්නේ

මොනව හිතෙන්නද?

දළඳා වහන්සෙ පරෙස්සමට තිබුනෙ හොඳ තැනක කියල තමයි හිතෙන්නේ.

සමහ/ තමන්ගේ කියන ගෑනිව පරිස්සන් කරන්නෙත් ආන්න ඒ වාගෙ කියල දවසක් අපෙ ලොකු අïම කිවිව.

ඒ ඉස්සර.

ඒ කිවිවෙ?

ඒ දැන් ගෑණුන්ව පරිස්සන් කරන්නේ සී සී ටී වී නෙ.

එතකොට පරිස්සන් වෙනවද?

õ.

ඒ කොහොමද?

ඇයි එතකොට කී දෙනෙක් පරිස්සමට බලාගන්ට ඉන්නවද?

වැඩි පරිස්සම නැති පරිස්සමට වඩා හොඳනෙ.

ඒකනෙ දේදුණු අපේ ගෙදරට මං සී සී ටී වී හයි කරන්නෙ නැත්තෙ.

ඒකට හයිය තියෙන එක ගැන සතුටුයි.

ඊ ළගට තියෙන්නෙ විසිතු/ පඩිපෙළ

u;= iïnkaOhs................


No comments:

Post a Comment