Tuesday, September 22, 2020

වැඩිහිටි මුඛ ආවරණ හා සෙෘඛ්‍ය ආරක්ෂාව

 වැඩිහිටි මුඛ ආවරණ විනිවිද පෙනෙන ලෙස භාවිතයට තීන්දු කිරීම ඥානාන්විත යැයි මට දැනෙයි. ඇතැමුන් කඩ සාප්පු වැනි ස්ථානවලට ඇතුල් වන විට හෙල්මටයන් පැලැද නොඑන්නයි ලියා ඇති සටහන් මා කියවා තිබෙයි. 

මෙය කනේ පහර හරහා සන්නිවෙිදනය කරනට සිතුවෙ අප රට ඇතුලු ලෝක වාසීන් විසින් කොරෝණා වලක්වා ගැන්මට ගන්නා දහිරිය හා ක්‍රියා මාර්ග ඇගයීමට ද එක්ක ය. 


Saturday, March 7, 2020

කාන්තාවන් වෙනුවෙනි ............

මෙදා පාර ඡන්ද පොරොන්දු විය යුතු වන්නේ මොනවා ද?

ආබාධිත යුධ හමුදා බිරින්දෑවර ැන්ගේ අනාගතය සුරක්ෂා කිරීමට දුන් පොරොන්දු මැතිවරණයෙන් සතියක් හෝ දෙකක් හෝ ඇතුළත ඉටු කිරීමට කැප වීම.

ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ බිරින්දෑවර ැන්ට හා ලබා ගත හැකි වන අයුරින් සකසා දීම හරහා එය ඉටු වෙතැ යි කනේ පහර අපේක්ෂා කරන්නෙමු.

එසේම දැනට ගැටලුවක් ව පවතින මූල්‍ය ආයතනයන්ට බොහෝ කාන්තාවන් හා පිරිමින් දහදුක් විද යොදවන ලද මුදල්  නැවත ලබා දීමෙි වැඩපිළිවෙල ද මැතිවරණයෙන් අවම වශයෙන් සතියක් හෝ දෙකක් ඉක්මවාලීමට පෙර ඉටු කර දීමට කටයුතු කිරීමට පොරොන්දු දීම සහ වහ වහා ඉටු කිරීම.

කාන්තා අයිතීන් වෙනුවෙන් පමණක් නො ව පොදුවෙි සියලු ජනතාව වෙනුවෙන් හඩක් නගන්නට කැපවන පෙනී සිටින කාන්තා පරිසරවෙීදිනියන් වැනි අය රැක ගැන්මට කටයුතු කිරීමට උර දීම.

නීතිය තුළ කාන්තා අභිමානය රැක දීමට කටයුතු කිරීම

දේශපාලන වපසරිය තුළ වැඩි කාන්තා නියෝජනයකට ඉඩ සකසාලීම සහ ඉහළ තලයේ නිල තනතුර ැ පත් කිරීමෙි දී කාන්තා නියෝජනය වැඩි කෙර ැම. උදාහරණ වශයෙන් ලේකමි තනතුර යනාදිය වෙනුවෙන් විශ්‍රමික යුද හමුදා, පොලිස්, ගුවන් හමුදා, නාවුක හමුදා නිලධාරිනියන් තාන්තා උන්නතිය වෙනුවෙන් ඔවුන්ගේ මානසික හා සිවිල් ආරක්ෂාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් වැඩි වැඩියෙන් අනුයුක්ත කර සමබර තාවයක් පවත්වා ගැන්මට කටයුතු කිරීම. සහ නව නිලධාරීන් පුහුණුවට වැඩි කාන්තා දායකත්වයක් පුහුණු කර ැවන් වශයෙන් ඉහතින් දක්දාවන ලද කණ්ඩායමි යොදා ගැන්මට උත්සුක වීම.

වරාය සහ එයාර්ලයින් සමාගමි කටයුතුවලට අධ්‍යක්ෂවරියන් පත්  කිරීමට ද වැඩි ඉඩක් ලබා දීම.

කාන්තා දුමිරිය පදවන්නන් මා දැක නැත. කිසියමි උනන්දුවක් දක්වන අය වෙතොත් ඊට සහාය දක්වන්නේ නමි ද මැනවි.

ඒසේම කාන්තාවන් විසින් මුලසුන හොබවන ආයතන දෙපාර්තමේන්තු අමාත්‍යාංශ කටයුතු ස්වාධීන ව ඇගිලි ගැසීමකින් තොර ව ඉටු කරලීමට අවශ්‍ය පසුතල සැකසීම.

මෙලෙස බොහෝ දෑ කනේ පහර හරහා ඉල්ලිය හැකි වුව ද කනේ පහර ඉලාපොරොත්තු වන්නේ කතා නො ව ක්‍රියා යැයි කිව යුුතු ය.

කොරෝණා වසගතයට එරෙහිව නිසි ක්‍රියා මාර්ග ගන්නට යෙදෙන නිසි නිල තීන්දු තීරණ ගන්න අපේ සෙෘඛ්‍යය ඇමතිනියට කනේ පහරේ ප්‍රණාමය. එසේම ඇයට සහාය වන සියලු හෙදවෙද තනතුර ැධාරීන්ට හා ධාරිනියන්ට කනේ පහරෙ ගෙෘරව කරන්නෙමු.

එතෙක් මෙතෙක් ජාති ආගමි කුල පන්ති දේශපාලන භේද නොසලකා දේශීය කාන්තාවන්ගේ මවුවර ැන්ගේ උන්නතිය වෙනුවෙන් කැපවුණු සියල්ලට ද කනේ පහරේ ප්‍රණාමය.















Tuesday, March 3, 2020

හා හා බලාගෙන යි

දැන් ඔන්න ආයෙම ඡන්ද උණුහුම අපි ව වට කරගෙන. කාලෙකින් දැක්කෙ නැති අය ආපහු ටී වී එකෙයි ගුවන් විදුලියෙයි පෙනී හිටින්ට පටන් අරන්. හැබැයි අපිට වැඩියෙන් අහන්ට ලැබෙන්නෙ නෝක්කාඩු කතා. එකිනෙකා ගැන එකිනෙකාට කියන්ට තියෙන කතා. හැබැයි එක හොදක් පේන්ට තිබෙනව. ඒක තමා කවුර ැවත් නිර්පාක්ෂික නො වන එක මෙදා පොටෙ.

මට පෙණුන තවත් දෙයක් එකට සන්ධාන ගත වුණු සමහර අය අතර 
හීන් සීතල හටන් පටන්ති අරනි තිබෙන බව.  ජනතාව බබාල නෙවෙයි. අනිත් එක තමා ඡන්දය පැවැත්වෙන්න යන්නෙ බබාලන්තෙක  නෙවෙ යි. 

සමහර කතා තමුන්ට අයිති  දේපළ තෑගි ඔප්පු ගැන කතා. ඇත්තට ම ජනතාව කියන්නෙ කාගෙ හරි දේපළක් ද? නැහැ. සමහර දේශපාලඥයින් අතීතෙ තමුන්ගෙ දේපළ පවා නැති කර ගත්ත දේශපාලනය හින්ද. තවත් අය දේපළ හරිහමිබ කර ගත්ත. ඒවා සාමාන්‍ය දේවල්. 

මොනව වුණත් දැන් තනි පක්ෂ තනි පාලනයකට තෝරා පත් කර ගැන්ම වර්තමානයේ වෙන්නෙ නැති දෙයක්. හැබැයි බහුතරය කියන පදය ගැන නං විශ්වාස කරනව මිනිස්සු එදා වගේ ම අදත්.

මොනව වුණත් එකිනෙකාට එකිනෙකාව විශ්වාස නැති දෙගිඩියාව ඇති තැනක සන්ධානයක පැවැත්ම කෙසේ වෙතත් සන්ධානගතව කරන්ට යන වැඩ අවුල් වෙන්ට පුලුවන් බව ට සාක්ෂි අතීතෙන් හොයා ගන්න බැරි නැහැ.  

කොයි කවුර ැත් උපරිම සද්භාවයෙන් සන්ධාන ගත වීම තමා වැදගත්. මොකද ඒකෙ වාසිය නැතිනන් ජනතාවට ලබා ගන්න බැරි වෙනව.

සමහරවෙලාවට මට හිතෙනව ඇතැමුන් කතා කරන ඒවා ඇහෙනකොට සන්ධාන ගත වෙනකොට එකග වුණු දේවල් වෙනුවට වෙන වෙන දේවල් හිතාගෙන තනි තනි ව කතා කරන්ට පෙනී හිටින්ට පටන් අරන් ද කියල. තමන්ගේ පොදු අරමුණ පසෙක ලා පෞද්ගලික අපේක්ෂාවන් පෙරට ඇවිත් ද කියල. 

කොහොම වුණත් ඡන්දෙන් පසසෙ බිත්තර මිල ගණන් අඩු වෙනව නං කොහෙ බිත්තර දැමිමත් කමක් නෑ කියල වෙලාවකට හිතෙනව. මං නං කැමති අපේ රටෙි සමහර රෝහල් වැහෙන තරමට අපේ සෞඛ්‍ය දියුණූු වෙනවට. උදාහරණ වශයෙන් වකුගඩු හා දියවැඩියා රෝහල්. ඒ කියන්නෙ උපරිම මටිටමෙන් මිනිස්සු දැනුවත් වෙලා එවැනි රෝග තත්තවයන්ගෙන් වැළකිල ජීවත් වුණොත් තව තව එවැනි රෝහල් හදන්ට වෙන්නෙ නෑ. 

කනගාටුවට කාරණා තව තිබෙනව. සමහර අමාත්න්‍යවර ැන් බලයේ ඉන්නකොට කියනව අපි කැමති රසායනික පොහොර භාවිතය නතර වෙනව නං කියල. හැබැයි ඒව ටිකක් දෙන්ට ප්‍රමාද වෙනකොට ජෛව පළිබෝධවලට පොළඹවනවා වෙනුවට වෙන වෙන කතා කියනව.

සන්ධාන ගත වුණාට පස්සෙ තනිකඩ ජීවිත ගෙවපු කාලේ වගෙ මත ප්‍රකාශ  කරන්ට කතා කරන්ට ගියොත් මොකද වෙන්නෙ?

කියන කතා කරන කතා ගැන සැලකිලිමත් නූණොත් වෙන්නෙ මොකක්ද? 

ඉස්සරවෙලා තරහමරහ නැති කරගෙන පොදු අරමුණ වෙනුවෙන් පෙනී හිටින්ට වෙනව. නැතිනන් ජනතාවට ඡන්දෙ දාන කාරණාව එපා වෙනව. 

එක ඡන්දයක වටිනාකම වුණත් අව ප්‍රමාණය කරන්ට බැහැ. සමහර ළමයිට එක ලකුණක් අහිමි වුණොත් විශ්වවිද්‍යාලයට යන්ට බැරි වෙනව. 

දැන් වෙිදිකාවල කියන දේ තමයි ඇත්ත. එකිනෙකා ගැන එකිනෙක හිතනපතන විදිහ ඇතුළෙන් පිටතින් පේනව. එකට වැඩ කරන්ට ගියාම ඊ ළගට මමත්වය ඉස්මතු වෙනව මුල පටන් හොද හිත පවත්වාගෙන නො ගියොත්. 

අපේ පැත්තෙ අය අපෙ පළාතෙ අය අපේ කාණ්ඩෙ ඔය වාගේ දේවල් අහන්ට ජනතාව කැමති නැහැ කිලෙ තමයි මට හිතෙන්නෙ. 

අනුමානෙට මත ප්‍රකාශ කිරීමෙන් වැළකීම අනුවණ දෙයක් නො වෙයි නේද? එහෙම වුණොත් ජනතාව හිතන්ට පටන් ගන්නෙ මොනවද?

ඒ වගේම තැන් තැන්වල රෑට වැඩිහිටියන්ට පමණ යි නාට්‍ය රග දක්වන රස්සා දෙන්ට හිතන්නෙ නැති ව ඡන්දෙන් පස්සෙ විශ්වවිද්‍යාල ළමයිට වගේ උන්ට දෙන්ට නමිබුකාර රස්සා ටිකක්. මොකද ඒව මානව හිමිකමි ලු නෙ.

අඩු වියදමෙන් ඡන්දෙ තියන්ට හිතන එක අපි වගේ රටකට හරි වැදගත් කියන දේත් සිහිපත් කරමින් සියලු දෙනාට එන ඡන්දෙට සුභ පතන්ට කනේ පහර කැමති යි.








ග වුණු දේවල් 







Wednesday, February 12, 2020

ඇයට සවන් දෙන්න

ජනතාවාදී ආණ්ඩුවෙි ධීවර අමාත්‍ය තුමනි, නියෝජ්‍ය ඇමති තුමනි,

ධීවර ප්‍රජාවන් සංවර්ධනය අතිශය කාලෝචිත තීරණයක් වුව ද සංවර්ධනය යනු පරිසරය සුරකිමින් යා යුතු ගමනක් හා ඉලක්කයක් වන බැවින් එහි නිතර සමතුලිත භාවයක් තිබීම අවැසි බව ඔබ දන්නා බව මා විශ්වාස කරමි.

කඩොලාන ආරක්ෂා කර ගැන්ම මුහුදු ඛාදනයෙන් රට අවට තීරය පමණක් නො ව රට අභ්‍යන්තරය ද ආරක්ෂා කර ගැන්ම පිණිස අතිශය වැදගත් ය. එසේම එය මුහුදු සමිපත් ඉදිරි අනාගතයට සුරක්ෂා කර දීම පිණිස ද වැදගත් ය.  ඉදහිට සංවර්ධනය හා ජනතාව රජයකින් බලාපොරොත්තු වන දෑ පමණ ඉක්මවා යන අවස්ථාවක පරිසරය ගැන අමතක වන අවස්ථා ද ඉතිහාසයෙන් අප දැක ඇත්තෙමු.

අද උදෑසන ඉන්දියානු මුහුදෙන් වාර්තා වූ භූ කමිපනය ගොඩබිම වෙසෙන අප කලාපයේ පමණක් නොව ලොව පුරා මුහුද වැනි සමිපත් අප විසින් භාවිතයට ගන්නා ආකාරයන් මත සිදු වන බව ඔබ දන්නා බව මාගේ විශ්වාසය යි. සුනාමි තත්ත්වයන්ට මුහුණ පා අත්දැකීමි ඇති අප මුහුද ආශ්‍රිත පරිසරය සුරැකීමට දැනට වඩා සිහියේ තබා ගත යුතු යැයි මා විශ්වාස කරමි. එය පරිසරය සුරකින්නට වෘත්තියෙන් හෝ ස්වෙිඡාවෙන් එකතු වන අයගේ මෙන්ම විශේෂයෙන් ඔබ අමාත්‍යාංශය සන්තක වගකීමක් යැයි මට සිතෙයි. ධීවර කටයුතුවල දී ඔවුන්ගේ හුර ැ පුර ැදු ඇතැමි විට ඔවුනගේ හා අපගේ නො සැලකිල්ල හෙයින් අප සැමට අහිතකර ලෙස බලපෑ හැකි බව ඔබ දන්නා බව මාගේ විශ්වාසය යි.

වෙසෙනින් ඔබ පැවසූ පරිදි අප වසන්වනේ කුඩා දිවයිනක බව සැබෑය. ජනතාවට ජීවත් වන්නට ඇත්තේ වර්ග කිලෝ මීටර හැටපන් දහස් හයසිය දහයක්.  එම ප්‍රමාණය අප විසින් මුහුදට හෝ සංවර්ධනය හෙයින් භූමිය අභයන්තරයෙන් සංකෝචනය වන්න්ට හෝ ඇහිරීමට ඉඩ නො දිය යුතු බව ද ඇත්තකි. දැනටමත්එ අප සන්තක මිනිස් වාසයට පැවති ගොඩබිම මහා මාර්ග ඇතුලු වෙනත් එකීමෙකී නොකී සංවර්ධනය හෙයින් හැකිලී ගොස් ඇති බව අප දනිමු. කෙසේ වුවත් අප සන්තක කුඩා භූමිය රැකුණහොත් විනා දැනට ඉන්න වුන්ට හෝ ඉපදෙන්නට ඉන්න වුන්ට එය ඉතිරි වන්නේ නැති බව අප දනිමු. 

අප රටෙහි වෙරළ ආශ්‍රිත ව ජීවත් වන ධීවර ප්‍රජාවන්ගේ දර ැ කැළ ද මනා නීරෝගීභාවයකින් ජීවත් විය යුතු බවට අවිවාදයක් ද නැත. ක්‍රීඩාව එය පෝෂණය කරන බව ද ඇත්තක්. එසේ වුවත් අප පමණක් නො ව කර්මාන්තශාලා ද ඇති එසේ හෙයින් ද පාරිසරික තර්ජනවලට මුහුණ දී ඇති අපට නව තර්ජනයක් ද ඇත. එනමි දැඩි වන විනාශය හෙයින් (මෑතක දී ඔස්ට්‍රෙලියාවෙ ලැවි ගිනි) හෙයින් හා වෙනත් හේතු හෙයින් ලොව පුරා පරිසරය දුහුවිලි අංශු විසින් නසමින් පවති.  කොළඹ සහ නුවර දැනටමත් විශාල ප්‍රමාණයන්ගෙන් ඉන් ආක්‍රමණය කර ඇති විඩෙක දර ැවන්ට පිරිසිදු වාතාශ්‍රය ආඝ්‍රාණය කිරීමට ඇයි අයිතිය ගැන අප වැඩිහිටියන් වශයෙන් වග කිව යුතු ය. එසේම එය ඔවුන්ගේ මනා නිරෝගීභාවයට අතිශයෙන් වැදගත් ය. මා මෙසේ සිහිපත් කරනුයේ ඔබ නො දන්නා යමක් නො වන බව මා දනිමි.  

දර ැවන්ගේ ක්‍රීඩා අවශ්‍යතා ඉටු කරලීම පිණිස අප හට තවත් විකල්පයක් ඇත. එනමි දර ැවන් යන පාසල් තුළ ක්‍රීඩා පහසුකමි වැඩි දියුණු කිරීම ඉන් එක් පියවරකි. විශේෂයෙන්ඔ එම කලාපයේ කලපු ආශ්‍රිත කලාපයන්හි දරදැරියන් යන පාසල් තුළ ඔවුන්ට සපයා ඇති අභ්‍යන්තර හා බාහිර ක්‍රීඩාගාර පහසුකමි අධ්‍යාපන අමාත්‍යංශය හා එක්ව නගාසිටුවාලීමෙන් ඔවුනගේ ගැටලුවට විසදුමක් ලැබෙනු ඇත. එසේ නැති නමි කනේ පහරේ  අතිශය කාර ැණික ඉල්ලීම වන්නේ කලාපය තුළ වෙනත් හිස් ඉඩමක් රට අභ්‍යන්තරයට වන්නට ඇත් නමි ඔවුනට එය පරිත්‍යාග කර අවශ්‍ය ක්‍රීඩා පිටිටනියක් තනා දෙන ලෙසයි.

ඇත්ත වශයෙන් ම ඔබ හා අප කවුර ැත් දන්නා පරිදි වෙරළ කලාපය සීඝ්‍රයෙන් විවිධ සංවර්ධන ක්‍රියා හෙයින් වෙනස් වෙමින් පවතින හෙයින් මීගමුවෙහි හෝ හලාවත හෝ උණවටුන හෝ කොග්ගල   හෝ තන්ගල්ලේ හෝ හමිබන්වෙතොට හෝ වෙනත් කුමන ස්ථානයක වුව කෙරෙන  එවැනි ඉදිකිරීමි සැලසුම සකස් කිරීමට පෙරාතුව පරිසර නිලධාරි මහත්මිය විසින් මතු කරන්නට යෙදුණ කාරණා ගැන ඉවසීමෙන් අධ්‍යයනය කළ යුතුව ඇතැයි සිතමි.

ධීවර ප්‍රජාව යනු මුහුද ඇසුර කර ජීවත් වන කොටසක් වුව ද ගොඩබිම ඔවුන්ගේ ප්‍රාණය බව සිහිපත් කර දීම ඔබගේ යුතුකම යැයි කනේ පහර විශ්වාස කරමි.

වෙසෙසින් ඇගේ ඉල්ලීම ඔවුනගේ වත්මන් හා ඉදිරි දර ැ පරපුරෙහි සුබසෙත පිණිස ම හේතු වන බව මාගේ හැගීම යි.
ඇගේ දහිරියට කනේ පහරේ පැසසුම ද හිමි වෙයි. 

ස්තූතියි! 

Thursday, January 23, 2020

අන්ධයින් සහ හොර තරාදි

සාප්පුවක හෝ කඩයක බඩු කිරන්ට අන්ධයින් ගන්නේ නැත. හේතුව බඩු කිරන්ට නං ඇස් මනාව පෙනිය යුතු යැයි අප දන්නා හෙයිනි. 

අවශ්‍ය ප්‍රමාණයට තරාදියේ පඩිය තෝරා ගන්ට දාන්ට පමණක් නො ව සම තලයක තිබෙයි ද කියා බැලීමට පවා ඇස් අන්ධ ව නො තිබිය යුතු යැයි අප අදහන්නට වීම ඊට හේතුව යි.

එසේ වුවත් සිය දෙනෙත් අන්ධ නැති උන් පවා කඩවල පොළවල්වල බඩු කිරන විට හොරට කිරති. එවැනි අවස්ථාවල අප ඔහේ ගෙදර ගොස් වෙළෙන්දාට බැන අඩ ගසා නිහඩ වන්නෙමු. ඉදහිට එවැනි හොර තරාදි භාවිත කරන්නන් සිය රාජකාරිය අකුරට ඉටු කරන්ට කිසිදු කුසීත කමක් නැති ව මහන්සි වන නිලධාරින් හෙයින් නීතියේ රැහැනට අසුවෙති. එවිට අප සතුටු වෙමු.

බඩු කිරන්ට හෝ පොළේ හෝ ආණ්ඩුවට අයත් තැනක රැකියාවක් කරන්නට හෝ වාහනයක් හෝ පදවන්ට දෙනෙත් හොදින්  පෙනෙනවාද කියා පරීක්ෂාකර සොයා බලනවා වුවත් උසාවියකට ගොස් බැලූ විට පෙනෙන්නේ තමන්ගේ ඇස් රෙදි කඩකින් ආවරණය කර ගත් කතක් තරාදියක් ද තම අතැති ව ඉන්න පිළිමයකි.  නීතිය අන්ධ යැයි ඇතැමෙක් කියන්නේ එසේ හෙයින් විය යුතු ය.  කෙසේ වුවත් වෙළදපොළේ හොර තරාදි අල්ලන තැනින් උසාවියක එල්වා ඇති තරාදිය හොර ද නැද්ද කියා බලන්නේ නැත. ඊට වෙනත් ක්‍රම තිබෙන්නේය.

දේශීය උසාවියක් තුළ තරාදිය අතින් ගත් ගැහැනිය හැද සිටින්නේ සුදු සාරියක් නො  වුණ ද අප නීතිඥවරියන් උසාවි යන්නේ සුදු සාරියක්  හැද යැයි මා දනී. මහත්මයින් ද උසාවියට යන්නේ පොළට යන අයුරින් නො වන වග අප දනී.

ඊට හේතුව එහි පාරිශුද්ධභාවය රකින්ට යැයි නීතිය නො උගත්තේ වුව මා දනී.  එවැනි දේ පසෙක ලූ ව ද අප රෙදි අදින්නේ විලි වසා ගන්නට ය. නිර්වස්ත්‍රව කිසිවෙක් හෝ උසාවියකට තියා කඩපොළකට හෝ එන්නේයන්නේ නැත. පිළිවෙලකට නො ගියොත් දඩ කනන්ට වන බව ද අප අසා ඇත්තෙමු.

ජන ව්‍යවහාරයන් තුළ රෙදි ගැන එකනෙක කතා පවතියි. පත්තිනි අමිමාගේ රෙද්දේ තුත්තිරි යැයි කියමනක් ද රෙදි ගැලවෙන්ට කිවිවා යැයි කියමනක් ද පවතියි. කඩමලු ඇන්දත් පින් කද බැබළෙනවා යැයි ගීතයක් ද වෙයි. අපේ උන් ලෝකයාගේ විලි වසා ගන්නට ලෝකයාට රෙදි මසා පිටරට පටවන්නේ රට නගන්නට ය. ඉතින් අපි අපේ නිර්වස්තර බව ලෝකයාට නො පෙන්වා හැකි පමණින් ඉක්මනින් පමා නො කර අපේ ප්‍රශ්න ලෝකයා ඉදිරියේ නුවුමනාවට වඩා නො පෙන්වා හදාසකසා ගනිමු යැයි කියන්නට සිතෙයි. 

නියපොත්තෙන් කඩන්නට හැකි දේ පොරවෙන් කොටන්නට නොතැබිය යුතු යැයි ජන ව්‍යවහාරයේ කියමනක් පවතින බව ද සිහියේ තබා ගැන්ම වටී.

ගැහැනියකගේ රෙදි ගලවන්නට තැත් කිරීම ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ඇය ව දුෂණය කිරීමක් යැයි නීතිපොත්වල ඇති බවට මා විශ්වාස කරන්නෙමි
එසේ වුවත් අප්‍රසිද්ධියේ හෝ ප්‍රසිද්ධියේ සිය කැමැත්තෙන් රෙදි උනා දමන විට නීතිය එසේ නො කියයි. 

එහෙන් මෙහෙන් කොහෙන් මෙම සටහනේ දී සිත තුළ ඇති දේ කිවුව ද හොර උසාවි නැති හෙයින් හොර තරාදි ඇතැයි මා නො සිතමි. එසේම මා විසින් සිතන්නට කැමැත්තේ උසාවිය තුළ හිදින ගැහැනිය සිය දෑස් රෙදිකඩකින් වසා ගෙන ඇත්තේ විනිවිද පෙනෙන අයුරින් යැයි හෝ හොරට හෝ නො ව ඇත්තට ම යැයි කියා සිතන්නට ය. එසේ හෙයින් පාට හෝ තරාතිරම නො බලා උසාවියකින් රටෙහි කොයි කොනේ වසනවෙසෙන කතක් වුව පිරිමි පරානයක් වෙනුවෙන් වුව නීතිය හරි අයුරින් ඉෂ්ට විය යුතු ය. එය එලිපිට හෝ එසේ නො වන විට කියා වෙනසක් නො තිබිය යුතු ය. පොඩි ද ලොකු ද උස ද මහත ද දුප්පත් ද පොහොසත් ද කියා වෙනසක් තිබිය යුතු නැත. 

රෑට රෑට නිදා සිටින ගැහැනුන් අවදිකර මුමුණන පිරිමි පරාණයන් කිසියමි සමාජයක වසන්නේ නං එය එම සමාජයේ කාන්තාවකට කෙරෙන නිගාවක් යැයි නො කියා බැරි ය.වරද දෙගුණ තෙගුණ වන්නේ ගැහැනුන්ව මානසික ව පීඩා කිරීමට ඔවුන්ගේ පවුලේ සමාජිකසාමාජිකාවන් ද යොදා ගැන්ම හෙයිනි. 

ලෝක මානව හිමිකමි ගැන කතිකාවන්හි දී අප රටෙහි ගර්වය රැක ගැන්මට උත්සුක වීමට ද නීතියේ පිළිසරණ ලැබිය යුතු යැයි මා අදහමි. එසේම පාලක පැළැන්තිය සන්තක ව ද ඊට වෙසෙස් වගකීමක් ඇතැයි ද කනේ පහර අදහන්නට යෙදෙයි.

ගෘහස්ථ කාන්තා හිංසනය වැලැක්වීම යනු හුදෙක් පිරිමියෙක්ගේ පහර කෑමකට ලක් නො වන ලෙස නිවසක වසන කාන්තාවක් බිරිදක් රැක ගැනීම පමණක් නො වන්නේ ය. ඇය මානසික ව හෝ සාමාජීය ව හෝ දේශපාලනික ව හෝ සංස්කෘතික ම වශයෙන් හෝ හිංසනයට ලක් ‍වන්නට නො දී රැක ගැන්ම ය. 

එක මකුණයි ළමයෝ කන්නේ ඇයි ඔක්කොම මකුණො මරන්නේ යැයි කියමනක් තිබෙයි.

කිහිප දෙනෙක් විසින් දේශීය නීති පද්ධතිය තුළ සුදු රෙද්ද තමන‍ෙ විසින් සිතාමතා කිලිටි කර ගැන්ම හෝ  කිලිටි කරන්නට වැර දැර ැව ද  සියල්ලෝ හෝ සියල්ල අවිශ්වාස කළ නොහෙන බව දන්නේ වුව ද අප ද මනුෂ්‍යයින් වන බැවින් අප හට සියල්ල පිරිසිදු කර නිවස්නයන්හි තනි ව හෝ පවුල් සමග එකට වසන ගැහැනුන්ගේ මානසික හා සමාජීය ආරක්ෂාව ද සලස්වනු ඇතැ යි කනේ පහර නව රජයෙන් බලාපොරොත්තු වන අතර නීතිය රකින නීතිය වෙනුවෙන් කැපවන නීතිගර ැක නීති රකින විනය රකින මහත්මමහත්මීන් කෙරෙහි තවදුරටත් විශ්වාස කරන මෙන් ජනයාගෙන් ද ඉල්ලා සිටින අතර  ඒ වෙනුවෙන් එතෙක් මෙතෙක් වංක ව නො ව අවංක ව කැප වුණු නිලධාරින් හා ජනයාට කනේ පහරේ ප්‍රණාමය පුද කරන්නෙමි.

රටෙහි වසන සියල්ලන්ට මානසික හා සමාජීය නිදහස ද ඉක්මණින් අත් වන්නට යැයි පතමු. එසේම කාන්තාවන් මානසික හිංසනයට ලක් නො කළ සියලු ගැහැනු පිරිමින්ට පින් අත් වෙිවා!




Tuesday, January 14, 2020

හඩ පට සහ ගැහැනු

රන්ජන් මහතාගේ හඩපට ගැන විවිධ කතා අප දැන් සතියක පමණ කලක පටන් අසන්නෙමු. 
ඇත්ත වශයෙන් ම මෙම සටහන එම හඩ පට ගැන  නොවෙයි.

අල්ලස් ගැනීම හෝ වෙනත් නීතියෙන් එපිට කරන්නට යෙදුණු ක්රියාවක් ගැන හෝ රටට හානිකර යමක් කර නො මැති නං  වෙනත් හේතුවකට ඔහු ව දුරකතනයෙන් අමතා ඇත් නං එවැනි දෑ ට ගොදුරක් වූ හෝ කැමැත්තෙන් සහභාගි වූ කාන්තා චරිතවල නංගං ප්‍රසිද්ධියේ කතා  කිරීමෙන් වළකින්න යැයි ඉතා කර ැණාවෙන් ඉල්ලා සිටිමි.


මන්ද ඔවුන්ගේ දෙමාපියන් හා දර ැවන් ට එය බලපාන බැවිනි. එසේම ජනතා නියෝජිතයින් ට මෙන් නො ව ඔවුනගේ වෘත්තිය ජීවිතවලට යමක් වුවහොත් ඊට වග කියන්නට අපට හෝ ඔබට නො හැකි වන හෙයිනි. අතැමෙක් සමහර වෘත්තීන්ට ඇතුලත්ව ඇත්තේ කැප කිරීමක් කර වන්නට හැකි බැවිනි. ඔවුන්ගේ මානසික තත්ත්වය දෙස මානුෂීය ඇසකින් බලමු.


ස්තූතියි!

Monday, December 30, 2019

පෙර දින ධාන්‍යාගරය

ඉස්සර අපේ රට පෙරදිග තිබුණු ධාන්‍යාගාරයක් බව නො දන්නේ කවුද?

අපරදිගින් නෙවෙයි කොහෙන් කවුර ැ ආවත් කන්ට දෙන්ට අපිට තිබුණ.

දැන් ප්‍රශ්නෙ මොල්වල තිබුණ හාල් ඔහේ සත්තුන්ට කන්ට දාල පරිස්සමට ගබඩා කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නෙ නැති ව  පනුවන්කට කන්ට ඉඩ හැරල ඒවා ආපහු මිනිස්සුන්ට කන්ට දෙන්ට හිතන උදවියගෙ මොළ වෙනස් කරන්නෙ කොහොමද කියන කාරණය තමයි මූලික ව ම.

පෙරදිග ධාන්‍යාගාරය නැවත හදන්න හරි පිලිසකර කරන්න හරි බැරි නෑ. හැබැයි දැන් අපට පමණක් නෙවෙයි සමස්ත ලෝකයා ට ම තිබෙන අභියෝගය වන්නෙ කොහොමද අසංවිධිත සංවර්ධන ක්‍රම හින්ද ලෝකයට අහිමි වන හෝ අහිමි වූ ඉර එළිය සහ වැසි ලැබෙන  ක්‍රමික ක්‍රමය නැවතත් ක්‍රමවත් කරන්නෙ කියන අභියෝගය මිසක් ධාන්‍යාගාර ඇති කරන්නෙ කොහොමද කියන කාරණය නෙවෙ යි.

මුදල් කොපමණ තිබුණා වුණත් මුදල් හෝ කර්මාන්ත ඇතුලෙ අහදන දෙයක් ප්‍රධාන ආහාර හැටියට කා නුපුර ැදු අපිට වී වැනි ධාන්‍ය වගා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. වගා කරපු දෙයක් තද වැසි හින්ද ගංවතුර හින්ද නියගය හින්ද නාස්ති වෙන කොට කරන්න හැකි මොනවද කියන දේ අපිට හිතන්ට වෙනව තනි තනි පුද්ගලයින් හැටියට වුණත්.

ලෝකයේ, සද්දෙ  වෙිගයට වඩා විසි ගුණයක් වෙිගවත් මිසයිල හදන ලෝකේ විශාලතම රටටවත් වැස්ස පාලනය කරන වැස්ස තමුන්ගේ අණසක යටතට ගන්ට ක්‍රමයක් හදන්ට බැහැ. ගංවතුර නවත්වන්ට ක්‍රමයක් හදන්ට බැහැ. හේතු මොනවද?

ඉදිරියේ දී ලෝකයට තිබෙන අභියෝග මුදල් නෙවෙයි, ධාන්‍ය හිගකම කියන එක තමයි මගේ පිළිගැනීම.. ඉදිරියේ දී ලෝකයේ පොහොසත් ම රටවල්වලට පවා කුසගින්නේ ඉන්ට වෙන්නෙ ධාන්‍ය හිගය හින්ද කියල මට හිතෙනව. මොකද කේක් හදන්ට වුණත් පිටි හදා ගන්ට එපැයි. පිටි හදන්නෙ මොනවයින්ද? මට හිතෙන්ලෝනෙ කේ පුරා අවන්හල්වල පැවැත්ම තියෙන්නෙ පිටිවලින් හදන කෑම මත තමයි. ඒවගෙ හදන කෑමවලින් සියයට පනහකටත් වැඩි ප්‍රමාණයක් හැදෙන්නෙ පිටිවලින්.

තෙල් විකුණල සල්ලි හොයා ගත්තා වුණත් සීනි විකුණල කාර් හදල වෑන් හදල මිසයිල හදල වෙන මොනව හදල විකුණල සල්ලි හොයා ගන්ට හැකි වුණත් කන්ට දේ වවා ගන්න එක හදා ගන්න එක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙ යි කියල කියන්නෙ කොහොමද?

ආන්න ඒ හින්ද පරිසර හිතකාමී සංවර්ධන ක්‍රම උපායන් සමස්ත ලෝකයාට ම අනුගමනය කරන්ට වෙනව.

ඉන්දියාවට වායු අපවිත්‍රතාවය දැඩි ප්‍රශ්නයක් වෙලා. ඒක ත්‍රස්තවාදය තරමට ඉදිරියට ලෝකයට තර්ජනයක්  වෙන්ට වැඩි කාලයක් ගත වෙන එකක් නෑ.

ධාන්‍ය හිගයට එක විකල්යපක් තමයි තියෙන ධාන්‍ය නාස්ති  කිරීමකින් තොර ව භාවිත කරන්නට සමස්ත ලෝකයා ව ම  උනන්දු කරන එක. ජීවන වියදම ඉහළ යන්ට එක හේතුවක් තමයි ආහාර වැනි එදිනෙදා ජනයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ නාස්ති කිරීම. දෙදහස් පහළොවෙ මුල් ජනපතිවරණයෙන් පස්සෙ මුල් කාර්තුවෙ හිටපු ජනපති තුමන් තමන්ගෙ නිලධාරින්ට උප දෙස් දුන්න කෑමට නුසුදුසු මට මතක හැටියට මත්තල නැතිනන් වෙන කෙහෙ හරි ගබඩා කරල තිබුණ වී කන්ට නුසුදුසු යි කියල සත්තුන්ට කුර ැල්ලන්ට කන්ට දාන්ට කියල. 

ඒවා  එදා කුර ැල්ලන්ට කන්ට දැමුවෙ නැද්ද? වෙන කොහෙ හරි තැනකට ගියා ද? කියල මට හිතුණෙ මෑතක දී ඇහුව ප්‍රවෘත්තියක් හින්ද. ඒ තමයි එක්තරා වී මෝලක් පනුවො කාපු කෑමට නුසුදුසු හාල් නැවත සකස් කරල වෙළෙද පොළට ඒ කියන්නෙ අපිට කන්ට එවන්ට ලෑස්ති කරන කොට ඒක අල්ල ගත්ත කතාව. ඒක හොයා ගත්තෙ දෙරණ උකුස්ස.

තව අනිත් අයත් ඔය වාගේ දේවල් වගේ ම තව තව දේවල් හොයා ගන්නව තමයි. ඉතින් ඒ අයටත් ස්තූතියි.

හාල් ගාණ අඩු කරනව නෙවෙයි නිකන් දෙනව නං තමයි අපි කැමති. ඒ වුණාට සිල්ලර වෙළෙන්දට ලැබෙන මාජිං එක අතරමැදියන් කන්නෙ  (තහනං කෑම නෙවෙයි) කොහොමද කියන දේ ගැනත් හිනත්ට වෙන හින්ද හිතන්ට වෙන දේවල් මයෙ හිතේ බොහෝ තිබෙනව.

අල වවන්ට හිතන එකත් හොදා නං තමයි. ප්‍රතිඅපනනය කරන්ට බැරි දේවල් ගෙන්නන එක නරක දෙයක් නෙවෙයි කියල තමයි මට නං හිතෙන්නෙ. අපි වවන්නෙ නැති අපි හදන්නෙ නැති ඒත් අපට අවශ්‍ය වෙන දේ ගෙන්නන එකෙන් ආනයන ව්‍යවසායකයින් හා ඔවුන්ගේ සේවකයින්ගේ ඉඩගෝස්තරය පරිස්සං වෙනව.

එහෙනන් පෙරදිග ධාන්‍ය පරිස්සං කරන හැටි ටිකක් සිහියට ගමු නේද?



මතකද?






ඉතින් ධාන්‍ය හිගය ලෝකෙ කාටත් බලපාන දෙයක් වෙන්ට ඉඩ තියෙනව වැඩි කල් නො ගිහින් ම.









Wednesday, August 7, 2019

ස්තූති යි!

පෝෂණ මල්ලට ඉතාමත් ස්තූති යි! එය ඉතාමත් වටනා තීරණයක්.

එසේම ගර ැ ඇමතිතුමණි , ත්‍රී පෝෂ සමහර මවුන්ට ලැබී නැහැ කියා තමයි දැන ගන්ට තියෙන්නෙ. එවැනි දෑ ගැන ඔබගේ අවධානය යොමු වන්නේ නමි ද තුති.

Thursday, June 27, 2019

ජනතා උසාවිය . අද අහන්නේ රට තොට පිටට කුළියට දීම ගැන

අපට බලපානවද නැද්ද?

අපේ තොටක් කුළියට හරි බදු හරි දුන්නොත් මොකද වෙන්නෙ?

උත්තරය සරල යි ලේසි යි.

අපි දෙයක් කුළියට දෙන උන්ට හතුරෙක් ඉන්නවා නං  උන්ට ගහන්ට හොද තැන එතැන කියල හිතුවොත් වදින්නෙ අපිට හින්ද.

ඒ හින්ද තොටුපොළක් හරි ගුවන් කලාපයක් හරි කාටහරි බද්දට හරි කුළියට හරි දෙනව නං නොදිය යුතු වන්නෙ ඇයි කියන දේ දැන් දන්නව නේද?

විශේෂයෙන් වෙනත් රටක ආරක්ෂක බල ඇණියක් අපේ දේශයේ නැංගුරං දැමුවොත්, අපි හිතමු නාවික කියල, පර්ල් වරායට ගැහුව වගේ ගැහුවොත් වෙන්නෙ මුහුදට පැනල මැරෙන්ට තොපිලට නෙවෙයි අපිට.

ඒ හින්ද නෝනා මහතුනේ දෙන්ට කළින් හිතන්ට. 

අනිත් කාරණය තමයි අපේ නාවික හෝ යුධ හෝ ගුවන් හෝ නායකත්වයන්ට නිදහසේ අපේ දේ බලාගන්ට අත විතරක් නෙවෙයි පයත් ඉඩ තියෙන්ට අවශ්‍යයි. නැද්ද?

අපේ ලොක්කන්ගෙ අණට පිට ඈයෝ කීකර ැ වෙයි කියල හිතන්ට පුලුවන්ද? 

වෙන කාටහරි දුන්නොත් අපේ අයට සියයට සියයක් වග කියන්ට පුලුවන්ද? ඒ පැත්තෙ වෙන දේට ඇගිලි ගහනව කියයි. අපි සල්ලි දීල අරන් තියෙන්නෙ කියයි. අපේ ඒවා අපි බලාගන්නන් කියයි. ඔයාල ඔයාලගේ ඒව බලාගන්ට කියයි. රටක් බලා ගන්ට ආරක්ෂා කරන්ට නිදහස ඔිනේ නැද්ද?

වෘත්තීය නිදහස විතරක් නෙවෙයි ආරක්ෂාකාරියට ඒ දේවල් වැදගත් නැද්ද. 

ගෝලීය ත්‍රස්තවාදය තියෙන ලෝකයක යුධ නාවික ගුවන් කලාප වෙනත් රටවලට දීම අනුචිත ය. මෙය මා වැනි සිවිල් වැසියෙකුගේ දෘඪ මතය යි.

අද වනවිට ලෝකය තුළ බලවන්තයින් වනුයේ අතීතයේ බලවන්තයින් වී වුන් අය නොවන්නේය. ලෝකයේ පොලිස්කාරයා යැයි කියන රට තවදුරටත් ලෝකය තුල පොළිස් කාරයෙකු නොවන්නේ යැයි මා සිතමි. ඔවුන්ගේ ආරක්ෂක කලාපයන් පමණක් නොව ඔවුන් අදවනවිට ලෝක තුස්තවාදයේ ප්‍රබල ඉලක්ක  හා හතුරන් බවට පත්ව තිබෙන්නේය. එක්තරා වසරක සැප්තැමිබර මාසයේ වූ සිදුවීම හා ආරක්ෂක අටපටිටමට වූ දේ මතක නං එවැනි තීරණ වලට එලඹීම අනුචිත ය. 

මෙහි අරමුණ ඔවුනගේ හැකියා අවක්සේර ැ කිරීම නොව අපේ ආරක්ෂාව අපි විසින් තහවුර ැ කරගැන්මත් අනවශ්‍ය හෝ අනුචිත තීරණ හෙයින් ඊට බාධාවීම වැලැක්වීමත් ය. කලාපයක් නිදහස්ව පවතින විට ආරක්ෂා කිරීම පමණක් නොව වැඩ කිරීමත් පහසුය යනු මාගේ පිළිගැනීම යි.

හිතා බලන්න පනින්ට පෙර.


ටිටමට සිදු වූ දේ 

එසේ හෙයින් 





Saturday, June 22, 2019

ජනතා උසාවිය . අද අහන්නේ (රට) කටු කමිබි . සමෘද්ධි සහ ඩ්‍රැයිවින් ක්‍රම ගැන


තනි වාක්‍ය වලින් උත්තර දීමෙන් වළකින්න

දිනකට හෝ මසකට හෝ වසරකට අල්ලන කටු කමිබි බැරල් ගණන කීයද?

කටු කමිබි නැතහොත් කසිප්පු ගමෙි එකාලා බොන්නේ උන් අඩු ආදායමි ලාභීන් නිසාද?


මෙහෙ කසිප්පු හොද නැති උනාට පොෂ් බෝතල්වල දාල එවන රට කසිප්පු බීවට කමක් නැද්ද? ඇතුලෙ තියෙන දේ බීල බලල සහතික දෙන්නේ මොන දෙපාර්තමේන්තුවෙන්ද?


පස්සෙ කැපුවත්  සමස්ත  රට තුළ මෙදා ඡන්දෙට ඉස්සර  දෙන්ට ඇස්තමෙින්තු කරපු සමෘද්ධිලාභීන් මුලු ගණන කීයද?

සමහර බස්රථ නිකන් අශ්වයෝ පදිනව වගේ එලවන්නෙ හයිවෙිස් නිසාද?



Tuesday, June 18, 2019

ඔබ මෙවන් දෙයක් ගැන මින් පෙර සිතා බැලුවාද?

දුගීභාවය හා මන්දපෝෂණය නැති කල හැක්කේ දුගියාගේ මත වෙනස් කරලීමට යත්න දැරීමෙන් නොව දේශපාලඥයාගේ ආකල්ප හා මත වෙනස් කරලීමෙනි.

Saturday, June 15, 2019

හිතවත් දේශපාලඥයිනි

ඔබ සියලු දෙනා උත්තර ප්‍රදේශය හා නැගෙනහිර  ප්‍රදේශය එකතු කර මෙරට මිනිසුන් වෙන් කිරීම වෙනුවෙන් දකින සිහිනයෙන් මිදෙන්නේ කවදාද?

විග්නේෂ්වරන් මැතිදුනි ඔබ ඉදිරියේදි එවැනි පසුබිමක් තුළ ඔබගේ නායකයා විය යුතු යැයි සිහිනයෙන් 
දකින්න‍ේ  කවුද? 

 අප විසින් අප්‍රේල් මස අත්දුටු සිදුවීම වූයේ එලෙස නොබෙදු දේශයක බව ඔබ දන්නේය එසේ බෙදුවහොත්  මැතිදුනි ඉදිරියේදි එවැනි කටයුතුවල වඩාත් පහසුවෙන්  නිරත වන්නට ඔවුනට අවකාශ නොලැබෙයි කියා ඔබ හිතනවාද?

මැතිදුනි දැනට උත්තර ප්‍ර දේශයේ ඉස ඔසවමින් එන
ආවෝ කණ්ඩායම මැඩ පවත්වන්නට ඔබ සතු පාලන උපක්‍රමය හෝ ක්‍රමය කුමක්ද?

ස්තූති යි

Wednesday, June 12, 2019

ඔබගේ සේවාව මෙන්ම ඔවුන්ගේ සේවාව ද අප හට වටිනව.

මාර්ග නීති අකුරට ක්‍රියාත්මක කරන්ට පටන් ගන්නවා ය කියා කියූ පසු පෞද්ගලික බස් සංගමයේ සභාපතිතුමන් මෙරට පොදු මාර්ග භාවිතයට පූර්ණ අයිතිවාසිකමක් සහිත ත්‍රිරෝද රථ රියදුරන් ට අදාළව කරන්නට යෙදුන යෝජනාව ගැන කනේ පහරේ නොමනාපය ප්‍රකාශ කර සිටිමු.  

එසේම අපගේ ඉල්ලීම වනුයේ ආත්මාර්ථයෙන් තොරව රථවාහන භාවිත කරන  අනෙකුත් සහෝදර ජනතාව හා සහයෝගයෙන් ඔබගේ රථ ධාවනයට කටයුතු කරන ලෙස යි. මන්ද යත් ඔබගේ සේවාව මෙන්ම ඔවුනගේ සේවාව ද අප හට අතිශය වටනා හෙයිනි. 

එසේම ත්‍රිරෝද රථ සේවාව හෙයින් මෙරට ජීවත්වන ප්‍රතිශතය ද ඉතා ඉහළ ය. එසේම ඔවුන් ද රටට බරක් නොවී තම තමන්ගෙ පවුල් රක්ෂා කරන හෙයින් අප පමණක් නොව ආණ්ඩු පවා ඔවුන්ට කෘතවෙිදි විය යුතුයැයි කනේ පහර විශ්වාස කරමු සහ ඔබට සිහිපත් කරමු.

නොවක් තුති. 


Tuesday, February 19, 2019

කුඩු කුඩු නොවෙන්නෙ ඇයි?

කිසිදා හෙළ ද්විපයෙන් තියා ආසියාවෙන්වත් කුඩු සදහට කුඩු කල නොහැක්කේ ඇයි? කුඩු රට රටවල් වලට බෙදන උන් කුඩු උනදාට කුඩු කුඩුකල හැක. එය මගේ මතය යි.

අනිත් කාරණය කුඩු ගෙන්වන හෝ බෙදන වුන් කූඩු කිරීමෙන් පමණක් කුඩු කුඩු පටිටංකල නොහැක.

ලෝකයේ සංවිධාන හදාන ඉන්න බොර ැ පූචිචානං හැත්ත ට උවමනාවක් තියේ නං නැති කල හැක.

දැන් ඉතිං ලෝක සංවිධානයක් නමට හෝ හදාගෙන ලෝකෙට කුඩු බෙදන ඒකුන්ගේ රටවල් වල ඉන්න හැත්ත වරිගේ මකබෑ කල යුතුය.

එසේ නොමැතිව කුඩු කුඩු කරන්ට අප රට තුළ තියා ආසියාවෙි තියා කිසි මහ ද්වීපයක බැරිය.

ලෝක පොලිස් කාරය මුලින් කල යුත්තේ උන්නේ රටට ගෙන්වන උන් කුඩු කර දැමුමය. අනතුර ැව ලෝකෙන් අතුගා දැමුමට කටයුතු ‍ කිරීම ය.

එක කුඩමැස්සෙක් නං අහු උනා නං තමයි ඒත් ......................................? අනේ රට ඇතුලෙ කුඩු කුඩු පටිටං වෙයිද?

අපි බලමු නේද?




Monday, January 7, 2019

ආයු බොහෝ වෙිවා!

අතිගර ැ ජනපතිතුමනි,

ඔබතුමන්ගේ සිවිවන පදවි ප්‍රාප්තියට කනේ පහරේ සුභාශිංෂණ!

කවුද වගකිව යුත්තෙ?




මෙි මාලුව මැරිල ඉන්නව මං දැක්කෙ අද උදෑසන නුවර වැව ළගින් යනකොට.

කවුද  මෙිකට වගකිව යුත්තෙ?

ඌ ඉබෙි මැර ැනද නැත්නන් මරලද?

කොහොමද වැවක ඉන්න මාලුවෙක් මැරෙන්න පුලුවන්?


  • ඉවත දමන කාර්මික හෝ වෙනත් රසායනිකදෑ වැවට එක්කාසු වීම,
  • මාලු පරිභෝජකයින් හෙයින් ( මිනිස් හෝ සත්ත්ව),
  • නියග,
  • නොසැළකිල්ල,
  • පිරිපහදුවට ලක්නොකල ජලය වැවට මුදා හැරීම,
  • කුණු කසල වැවට වීසිකරන නොමිනිසුන් හෙයින්.
නතර කල හැක්කේ කෙසේද?

සියල්ලන් එකතු වී වගකිව යුත්තන්ගේද සහය ගෙන ස්ථීර ක්‍රියාදාමයකට අනලස්ව එක්වීමය.

දෙන ලද අවධානයට හා සැළකිල්ලට ස්තූතියි!







Monday, December 31, 2018

මනෝ ගනේෂන් මහත්මයට තුති!

ඇත්ත දෙවුන්දර තුඩුවෙ ඉදන් පේදුර ැ තුඩුව දක්වා හෑම නගරයකම භාෂා ත්‍රිත්වයෙන්ම නාම පුවර ැ දක්වන එක හරි වැදගත්.

ඔබ ඇතුලු සෑම සියලු දෙන්ටම සුබ නව වසරක්!

Friday, November 30, 2018

පැණි බීම, කිරි බීම සහ සීනි බද්ද

ඇත්තටම මටත් දැන් දියවැඩියා ලක්ෂණ මතු වෙමින් එනවද කියන්ට දන්නෑ පැණි බීම නං ඉස්සර වගේ නෙවෙයි ගුඩු ගුඩුස් ගාල  බෝතල් දෙක තුනකට උනත් වග කියතෑකි කිසි අපහසුවක් නැතිව.

හැබැයි වැඩෙි තියෙන්නෙ මං දන්නව පැණි බීම වගේ නෙවෙයි කිරි බීම ගුණයි කියල. එහෙම නේද?

මයෙ කිරි ආරෝවක් නෑ පැණි බීමවලට ගහල තියෙන බද්ද අඩු කලාට මොකද මං දන්නව බොන එකා ට (පැණි බීම ) කොහොම කිවිවත් නොබී ඉන්ට බෑ. අනිත් කාරණය තමයි පැණි බීමහල්වල සේවය කරන අපේ මිනිස්සු මාසේ අන්තිමට ගෙදරට කිරි බීම ඇරන් යන්නෙ ඒවයෙ වැඩ කරල ලැබෙන පඩියෙන් කියල. 

කිරි බීම (දියර ඝන වෙනත්) වලට ගහනවා නං මොකක් හරි බද්දක්, නැති වෙන්ට බෑ එහෙම බද්දක් තියෙනව. ආන්න ඒ බද්ද ලිහිල් කලොත් සියයට කීයකින් හරි කමක් නෑ අපේ පොඩි එවුන්ටයි බඩදර ැ මවට  හැදෙන වැඩෙන දුවන පනින පොඩි ලොකු කාටත් අවශ්‍ය පෝෂණය ටිකක් පහසුවෙන් ලබා ගන්ට ඇහැක් වෙයි. 

ඉතින් ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන අනාගතයක් පතන ගමන් මං හිතනව අපිටත් බලාපොරොත්තු වෙන්ටැහැකි කියල අපේ කිරි මිළ ගණන් ගොවියගෙ මිළ ගණන් වලට විදින්නෙ නැතිව ඉෂ්ට වෙයි කියල. 


Tuesday, November 13, 2018

කන ක්‍රම සහ වැඩ කරන ක්‍රම

මට දැනෙන හැටියට කිහිපයකි.

පහත පරිදි ය.

තමුන්ගේ වියදමෙන් කා වැඩ කිරීම.

තමුන්ගේ වියදමෙන් කා වැඩ නොකර හිඳීම.

අනුන්ගේ වියදමෙන් කා වැඩ කිරීම.

අනුන්ගෙන් කා වැඩ නොකර හිඳීම.

තමුන්ගෙන් හෝ අනුන්ගෙන් ටිකක් කා වැඩ ටිකක් කිරීම.

අනුන්ගෙන් හෝ තමුන්ගෙන් ටිකක් කා වැඩ ගොඩක් කිරීම.

ගොඩක් කා වැඩ ටිකක් කිරීම.

ගොඩක් කා වැඩ ගොඩක් කිරීම.

ටිකක්වත් නොකා වැඩ කිරීම.

ටිකක් හෝ ගොඩක් කා වැඩ කිසිත් නොකර හිඳීම.

අනුන් කන දේ ගැන හිතමින් හොයමින් පමණක් හිඳ වැඩ නොකර හිඳීම.

තමුනුත් අනුන්ගෙන් කා ඉන් අනුන්ටත් දී වැඩ නොකර හිඳීම.









Saturday, November 3, 2018

පිළිතුරක් ......................





වැණුවත් නොවැණුවත් රජකුගෙ ඇති අගේ
ඇත ඉහ කනවුන් සිට අගේ
දතොත් එහි තේර ැ ම අගේ
නිරිදුවෙයි නුඹ අප බෝ අගේ