Tuesday, March 3, 2020

හා හා බලාගෙන යි

දැන් ඔන්න ආයෙම ඡන්ද උණුහුම අපි ව වට කරගෙන. කාලෙකින් දැක්කෙ නැති අය ආපහු ටී වී එකෙයි ගුවන් විදුලියෙයි පෙනී හිටින්ට පටන් අරන්. හැබැයි අපිට වැඩියෙන් අහන්ට ලැබෙන්නෙ නෝක්කාඩු කතා. එකිනෙකා ගැන එකිනෙකාට කියන්ට තියෙන කතා. හැබැයි එක හොදක් පේන්ට තිබෙනව. ඒක තමා කවුර ැවත් නිර්පාක්ෂික නො වන එක මෙදා පොටෙ.

මට පෙණුන තවත් දෙයක් එකට සන්ධාන ගත වුණු සමහර අය අතර 
හීන් සීතල හටන් පටන්ති අරනි තිබෙන බව.  ජනතාව බබාල නෙවෙයි. අනිත් එක තමා ඡන්දය පැවැත්වෙන්න යන්නෙ බබාලන්තෙක  නෙවෙ යි. 

සමහර කතා තමුන්ට අයිති  දේපළ තෑගි ඔප්පු ගැන කතා. ඇත්තට ම ජනතාව කියන්නෙ කාගෙ හරි දේපළක් ද? නැහැ. සමහර දේශපාලඥයින් අතීතෙ තමුන්ගෙ දේපළ පවා නැති කර ගත්ත දේශපාලනය හින්ද. තවත් අය දේපළ හරිහමිබ කර ගත්ත. ඒවා සාමාන්‍ය දේවල්. 

මොනව වුණත් දැන් තනි පක්ෂ තනි පාලනයකට තෝරා පත් කර ගැන්ම වර්තමානයේ වෙන්නෙ නැති දෙයක්. හැබැයි බහුතරය කියන පදය ගැන නං විශ්වාස කරනව මිනිස්සු එදා වගේ ම අදත්.

මොනව වුණත් එකිනෙකාට එකිනෙකාව විශ්වාස නැති දෙගිඩියාව ඇති තැනක සන්ධානයක පැවැත්ම කෙසේ වෙතත් සන්ධානගතව කරන්ට යන වැඩ අවුල් වෙන්ට පුලුවන් බව ට සාක්ෂි අතීතෙන් හොයා ගන්න බැරි නැහැ.  

කොයි කවුර ැත් උපරිම සද්භාවයෙන් සන්ධාන ගත වීම තමා වැදගත්. මොකද ඒකෙ වාසිය නැතිනන් ජනතාවට ලබා ගන්න බැරි වෙනව.

සමහරවෙලාවට මට හිතෙනව ඇතැමුන් කතා කරන ඒවා ඇහෙනකොට සන්ධාන ගත වෙනකොට එකග වුණු දේවල් වෙනුවට වෙන වෙන දේවල් හිතාගෙන තනි තනි ව කතා කරන්ට පෙනී හිටින්ට පටන් අරන් ද කියල. තමන්ගේ පොදු අරමුණ පසෙක ලා පෞද්ගලික අපේක්ෂාවන් පෙරට ඇවිත් ද කියල. 

කොහොම වුණත් ඡන්දෙන් පසසෙ බිත්තර මිල ගණන් අඩු වෙනව නං කොහෙ බිත්තර දැමිමත් කමක් නෑ කියල වෙලාවකට හිතෙනව. මං නං කැමති අපේ රටෙි සමහර රෝහල් වැහෙන තරමට අපේ සෞඛ්‍ය දියුණූු වෙනවට. උදාහරණ වශයෙන් වකුගඩු හා දියවැඩියා රෝහල්. ඒ කියන්නෙ උපරිම මටිටමෙන් මිනිස්සු දැනුවත් වෙලා එවැනි රෝග තත්තවයන්ගෙන් වැළකිල ජීවත් වුණොත් තව තව එවැනි රෝහල් හදන්ට වෙන්නෙ නෑ. 

කනගාටුවට කාරණා තව තිබෙනව. සමහර අමාත්න්‍යවර ැන් බලයේ ඉන්නකොට කියනව අපි කැමති රසායනික පොහොර භාවිතය නතර වෙනව නං කියල. හැබැයි ඒව ටිකක් දෙන්ට ප්‍රමාද වෙනකොට ජෛව පළිබෝධවලට පොළඹවනවා වෙනුවට වෙන වෙන කතා කියනව.

සන්ධාන ගත වුණාට පස්සෙ තනිකඩ ජීවිත ගෙවපු කාලේ වගෙ මත ප්‍රකාශ  කරන්ට කතා කරන්ට ගියොත් මොකද වෙන්නෙ?

කියන කතා කරන කතා ගැන සැලකිලිමත් නූණොත් වෙන්නෙ මොකක්ද? 

ඉස්සරවෙලා තරහමරහ නැති කරගෙන පොදු අරමුණ වෙනුවෙන් පෙනී හිටින්ට වෙනව. නැතිනන් ජනතාවට ඡන්දෙ දාන කාරණාව එපා වෙනව. 

එක ඡන්දයක වටිනාකම වුණත් අව ප්‍රමාණය කරන්ට බැහැ. සමහර ළමයිට එක ලකුණක් අහිමි වුණොත් විශ්වවිද්‍යාලයට යන්ට බැරි වෙනව. 

දැන් වෙිදිකාවල කියන දේ තමයි ඇත්ත. එකිනෙකා ගැන එකිනෙක හිතනපතන විදිහ ඇතුළෙන් පිටතින් පේනව. එකට වැඩ කරන්ට ගියාම ඊ ළගට මමත්වය ඉස්මතු වෙනව මුල පටන් හොද හිත පවත්වාගෙන නො ගියොත්. 

අපේ පැත්තෙ අය අපෙ පළාතෙ අය අපේ කාණ්ඩෙ ඔය වාගේ දේවල් අහන්ට ජනතාව කැමති නැහැ කිලෙ තමයි මට හිතෙන්නෙ. 

අනුමානෙට මත ප්‍රකාශ කිරීමෙන් වැළකීම අනුවණ දෙයක් නො වෙයි නේද? එහෙම වුණොත් ජනතාව හිතන්ට පටන් ගන්නෙ මොනවද?

ඒ වගේම තැන් තැන්වල රෑට වැඩිහිටියන්ට පමණ යි නාට්‍ය රග දක්වන රස්සා දෙන්ට හිතන්නෙ නැති ව ඡන්දෙන් පස්සෙ විශ්වවිද්‍යාල ළමයිට වගේ උන්ට දෙන්ට නමිබුකාර රස්සා ටිකක්. මොකද ඒව මානව හිමිකමි ලු නෙ.

අඩු වියදමෙන් ඡන්දෙ තියන්ට හිතන එක අපි වගේ රටකට හරි වැදගත් කියන දේත් සිහිපත් කරමින් සියලු දෙනාට එන ඡන්දෙට සුභ පතන්ට කනේ පහර කැමති යි.








ග වුණු දේවල් 







No comments:

Post a Comment