Monday, December 30, 2019

පෙර දින ධාන්‍යාගරය

ඉස්සර අපේ රට පෙරදිග තිබුණු ධාන්‍යාගාරයක් බව නො දන්නේ කවුද?

අපරදිගින් නෙවෙයි කොහෙන් කවුර ැ ආවත් කන්ට දෙන්ට අපිට තිබුණ.

දැන් ප්‍රශ්නෙ මොල්වල තිබුණ හාල් ඔහේ සත්තුන්ට කන්ට දාල පරිස්සමට ගබඩා කරන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නෙ නැති ව  පනුවන්කට කන්ට ඉඩ හැරල ඒවා ආපහු මිනිස්සුන්ට කන්ට දෙන්ට හිතන උදවියගෙ මොළ වෙනස් කරන්නෙ කොහොමද කියන කාරණය තමයි මූලික ව ම.

පෙරදිග ධාන්‍යාගාරය නැවත හදන්න හරි පිලිසකර කරන්න හරි බැරි නෑ. හැබැයි දැන් අපට පමණක් නෙවෙයි සමස්ත ලෝකයා ට ම තිබෙන අභියෝගය වන්නෙ කොහොමද අසංවිධිත සංවර්ධන ක්‍රම හින්ද ලෝකයට අහිමි වන හෝ අහිමි වූ ඉර එළිය සහ වැසි ලැබෙන  ක්‍රමික ක්‍රමය නැවතත් ක්‍රමවත් කරන්නෙ කියන අභියෝගය මිසක් ධාන්‍යාගාර ඇති කරන්නෙ කොහොමද කියන කාරණය නෙවෙ යි.

මුදල් කොපමණ තිබුණා වුණත් මුදල් හෝ කර්මාන්ත ඇතුලෙ අහදන දෙයක් ප්‍රධාන ආහාර හැටියට කා නුපුර ැදු අපිට වී වැනි ධාන්‍ය වගා කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. වගා කරපු දෙයක් තද වැසි හින්ද ගංවතුර හින්ද නියගය හින්ද නාස්ති වෙන කොට කරන්න හැකි මොනවද කියන දේ අපිට හිතන්ට වෙනව තනි තනි පුද්ගලයින් හැටියට වුණත්.

ලෝකයේ, සද්දෙ  වෙිගයට වඩා විසි ගුණයක් වෙිගවත් මිසයිල හදන ලෝකේ විශාලතම රටටවත් වැස්ස පාලනය කරන වැස්ස තමුන්ගේ අණසක යටතට ගන්ට ක්‍රමයක් හදන්ට බැහැ. ගංවතුර නවත්වන්ට ක්‍රමයක් හදන්ට බැහැ. හේතු මොනවද?

ඉදිරියේ දී ලෝකයට තිබෙන අභියෝග මුදල් නෙවෙයි, ධාන්‍ය හිගකම කියන එක තමයි මගේ පිළිගැනීම.. ඉදිරියේ දී ලෝකයේ පොහොසත් ම රටවල්වලට පවා කුසගින්නේ ඉන්ට වෙන්නෙ ධාන්‍ය හිගය හින්ද කියල මට හිතෙනව. මොකද කේක් හදන්ට වුණත් පිටි හදා ගන්ට එපැයි. පිටි හදන්නෙ මොනවයින්ද? මට හිතෙන්ලෝනෙ කේ පුරා අවන්හල්වල පැවැත්ම තියෙන්නෙ පිටිවලින් හදන කෑම මත තමයි. ඒවගෙ හදන කෑමවලින් සියයට පනහකටත් වැඩි ප්‍රමාණයක් හැදෙන්නෙ පිටිවලින්.

තෙල් විකුණල සල්ලි හොයා ගත්තා වුණත් සීනි විකුණල කාර් හදල වෑන් හදල මිසයිල හදල වෙන මොනව හදල විකුණල සල්ලි හොයා ගන්ට හැකි වුණත් කන්ට දේ වවා ගන්න එක හදා ගන්න එක අත්‍යවශ්‍ය කාරණයක් නෙවෙ යි කියල කියන්නෙ කොහොමද?

ආන්න ඒ හින්ද පරිසර හිතකාමී සංවර්ධන ක්‍රම උපායන් සමස්ත ලෝකයාට ම අනුගමනය කරන්ට වෙනව.

ඉන්දියාවට වායු අපවිත්‍රතාවය දැඩි ප්‍රශ්නයක් වෙලා. ඒක ත්‍රස්තවාදය තරමට ඉදිරියට ලෝකයට තර්ජනයක්  වෙන්ට වැඩි කාලයක් ගත වෙන එකක් නෑ.

ධාන්‍ය හිගයට එක විකල්යපක් තමයි තියෙන ධාන්‍ය නාස්ති  කිරීමකින් තොර ව භාවිත කරන්නට සමස්ත ලෝකයා ව ම  උනන්දු කරන එක. ජීවන වියදම ඉහළ යන්ට එක හේතුවක් තමයි ආහාර වැනි එදිනෙදා ජනයාගේ පැවැත්මට අත්‍යවශ්‍ය දේ නාස්ති කිරීම. දෙදහස් පහළොවෙ මුල් ජනපතිවරණයෙන් පස්සෙ මුල් කාර්තුවෙ හිටපු ජනපති තුමන් තමන්ගෙ නිලධාරින්ට උප දෙස් දුන්න කෑමට නුසුදුසු මට මතක හැටියට මත්තල නැතිනන් වෙන කෙහෙ හරි ගබඩා කරල තිබුණ වී කන්ට නුසුදුසු යි කියල සත්තුන්ට කුර ැල්ලන්ට කන්ට දාන්ට කියල. 

ඒවා  එදා කුර ැල්ලන්ට කන්ට දැමුවෙ නැද්ද? වෙන කොහෙ හරි තැනකට ගියා ද? කියල මට හිතුණෙ මෑතක දී ඇහුව ප්‍රවෘත්තියක් හින්ද. ඒ තමයි එක්තරා වී මෝලක් පනුවො කාපු කෑමට නුසුදුසු හාල් නැවත සකස් කරල වෙළෙද පොළට ඒ කියන්නෙ අපිට කන්ට එවන්ට ලෑස්ති කරන කොට ඒක අල්ල ගත්ත කතාව. ඒක හොයා ගත්තෙ දෙරණ උකුස්ස.

තව අනිත් අයත් ඔය වාගේ දේවල් වගේ ම තව තව දේවල් හොයා ගන්නව තමයි. ඉතින් ඒ අයටත් ස්තූතියි.

හාල් ගාණ අඩු කරනව නෙවෙයි නිකන් දෙනව නං තමයි අපි කැමති. ඒ වුණාට සිල්ලර වෙළෙන්දට ලැබෙන මාජිං එක අතරමැදියන් කන්නෙ  (තහනං කෑම නෙවෙයි) කොහොමද කියන දේ ගැනත් හිනත්ට වෙන හින්ද හිතන්ට වෙන දේවල් මයෙ හිතේ බොහෝ තිබෙනව.

අල වවන්ට හිතන එකත් හොදා නං තමයි. ප්‍රතිඅපනනය කරන්ට බැරි දේවල් ගෙන්නන එක නරක දෙයක් නෙවෙයි කියල තමයි මට නං හිතෙන්නෙ. අපි වවන්නෙ නැති අපි හදන්නෙ නැති ඒත් අපට අවශ්‍ය වෙන දේ ගෙන්නන එකෙන් ආනයන ව්‍යවසායකයින් හා ඔවුන්ගේ සේවකයින්ගේ ඉඩගෝස්තරය පරිස්සං වෙනව.

එහෙනන් පෙරදිග ධාන්‍ය පරිස්සං කරන හැටි ටිකක් සිහියට ගමු නේද?



මතකද?






ඉතින් ධාන්‍ය හිගය ලෝකෙ කාටත් බලපාන දෙයක් වෙන්ට ඉඩ තියෙනව වැඩි කල් නො ගිහින් ම.









Wednesday, August 7, 2019

ස්තූති යි!

පෝෂණ මල්ලට ඉතාමත් ස්තූති යි! එය ඉතාමත් වටනා තීරණයක්.

එසේම ගර ැ ඇමතිතුමණි , ත්‍රී පෝෂ සමහර මවුන්ට ලැබී නැහැ කියා තමයි දැන ගන්ට තියෙන්නෙ. එවැනි දෑ ගැන ඔබගේ අවධානය යොමු වන්නේ නමි ද තුති.

Thursday, June 27, 2019

ජනතා උසාවිය . අද අහන්නේ රට තොට පිටට කුළියට දීම ගැන

අපට බලපානවද නැද්ද?

අපේ තොටක් කුළියට හරි බදු හරි දුන්නොත් මොකද වෙන්නෙ?

උත්තරය සරල යි ලේසි යි.

අපි දෙයක් කුළියට දෙන උන්ට හතුරෙක් ඉන්නවා නං  උන්ට ගහන්ට හොද තැන එතැන කියල හිතුවොත් වදින්නෙ අපිට හින්ද.

ඒ හින්ද තොටුපොළක් හරි ගුවන් කලාපයක් හරි කාටහරි බද්දට හරි කුළියට හරි දෙනව නං නොදිය යුතු වන්නෙ ඇයි කියන දේ දැන් දන්නව නේද?

විශේෂයෙන් වෙනත් රටක ආරක්ෂක බල ඇණියක් අපේ දේශයේ නැංගුරං දැමුවොත්, අපි හිතමු නාවික කියල, පර්ල් වරායට ගැහුව වගේ ගැහුවොත් වෙන්නෙ මුහුදට පැනල මැරෙන්ට තොපිලට නෙවෙයි අපිට.

ඒ හින්ද නෝනා මහතුනේ දෙන්ට කළින් හිතන්ට. 

අනිත් කාරණය තමයි අපේ නාවික හෝ යුධ හෝ ගුවන් හෝ නායකත්වයන්ට නිදහසේ අපේ දේ බලාගන්ට අත විතරක් නෙවෙයි පයත් ඉඩ තියෙන්ට අවශ්‍යයි. නැද්ද?

අපේ ලොක්කන්ගෙ අණට පිට ඈයෝ කීකර ැ වෙයි කියල හිතන්ට පුලුවන්ද? 

වෙන කාටහරි දුන්නොත් අපේ අයට සියයට සියයක් වග කියන්ට පුලුවන්ද? ඒ පැත්තෙ වෙන දේට ඇගිලි ගහනව කියයි. අපි සල්ලි දීල අරන් තියෙන්නෙ කියයි. අපේ ඒවා අපි බලාගන්නන් කියයි. ඔයාල ඔයාලගේ ඒව බලාගන්ට කියයි. රටක් බලා ගන්ට ආරක්ෂා කරන්ට නිදහස ඔිනේ නැද්ද?

වෘත්තීය නිදහස විතරක් නෙවෙයි ආරක්ෂාකාරියට ඒ දේවල් වැදගත් නැද්ද. 

ගෝලීය ත්‍රස්තවාදය තියෙන ලෝකයක යුධ නාවික ගුවන් කලාප වෙනත් රටවලට දීම අනුචිත ය. මෙය මා වැනි සිවිල් වැසියෙකුගේ දෘඪ මතය යි.

අද වනවිට ලෝකය තුළ බලවන්තයින් වනුයේ අතීතයේ බලවන්තයින් වී වුන් අය නොවන්නේය. ලෝකයේ පොලිස්කාරයා යැයි කියන රට තවදුරටත් ලෝකය තුල පොළිස් කාරයෙකු නොවන්නේ යැයි මා සිතමි. ඔවුන්ගේ ආරක්ෂක කලාපයන් පමණක් නොව ඔවුන් අදවනවිට ලෝක තුස්තවාදයේ ප්‍රබල ඉලක්ක  හා හතුරන් බවට පත්ව තිබෙන්නේය. එක්තරා වසරක සැප්තැමිබර මාසයේ වූ සිදුවීම හා ආරක්ෂක අටපටිටමට වූ දේ මතක නං එවැනි තීරණ වලට එලඹීම අනුචිත ය. 

මෙහි අරමුණ ඔවුනගේ හැකියා අවක්සේර ැ කිරීම නොව අපේ ආරක්ෂාව අපි විසින් තහවුර ැ කරගැන්මත් අනවශ්‍ය හෝ අනුචිත තීරණ හෙයින් ඊට බාධාවීම වැලැක්වීමත් ය. කලාපයක් නිදහස්ව පවතින විට ආරක්ෂා කිරීම පමණක් නොව වැඩ කිරීමත් පහසුය යනු මාගේ පිළිගැනීම යි.

හිතා බලන්න පනින්ට පෙර.


ටිටමට සිදු වූ දේ 

එසේ හෙයින් 





Saturday, June 22, 2019

ජනතා උසාවිය . අද අහන්නේ (රට) කටු කමිබි . සමෘද්ධි සහ ඩ්‍රැයිවින් ක්‍රම ගැන


තනි වාක්‍ය වලින් උත්තර දීමෙන් වළකින්න

දිනකට හෝ මසකට හෝ වසරකට අල්ලන කටු කමිබි බැරල් ගණන කීයද?

කටු කමිබි නැතහොත් කසිප්පු ගමෙි එකාලා බොන්නේ උන් අඩු ආදායමි ලාභීන් නිසාද?


මෙහෙ කසිප්පු හොද නැති උනාට පොෂ් බෝතල්වල දාල එවන රට කසිප්පු බීවට කමක් නැද්ද? ඇතුලෙ තියෙන දේ බීල බලල සහතික දෙන්නේ මොන දෙපාර්තමේන්තුවෙන්ද?


පස්සෙ කැපුවත්  සමස්ත  රට තුළ මෙදා ඡන්දෙට ඉස්සර  දෙන්ට ඇස්තමෙින්තු කරපු සමෘද්ධිලාභීන් මුලු ගණන කීයද?

සමහර බස්රථ නිකන් අශ්වයෝ පදිනව වගේ එලවන්නෙ හයිවෙිස් නිසාද?



Tuesday, June 18, 2019

ඔබ මෙවන් දෙයක් ගැන මින් පෙර සිතා බැලුවාද?

දුගීභාවය හා මන්දපෝෂණය නැති කල හැක්කේ දුගියාගේ මත වෙනස් කරලීමට යත්න දැරීමෙන් නොව දේශපාලඥයාගේ ආකල්ප හා මත වෙනස් කරලීමෙනි.

Saturday, June 15, 2019

හිතවත් දේශපාලඥයිනි

ඔබ සියලු දෙනා උත්තර ප්‍රදේශය හා නැගෙනහිර  ප්‍රදේශය එකතු කර මෙරට මිනිසුන් වෙන් කිරීම වෙනුවෙන් දකින සිහිනයෙන් මිදෙන්නේ කවදාද?

විග්නේෂ්වරන් මැතිදුනි ඔබ ඉදිරියේදි එවැනි පසුබිමක් තුළ ඔබගේ නායකයා විය යුතු යැයි සිහිනයෙන් 
දකින්න‍ේ  කවුද? 

 අප විසින් අප්‍රේල් මස අත්දුටු සිදුවීම වූයේ එලෙස නොබෙදු දේශයක බව ඔබ දන්නේය එසේ බෙදුවහොත්  මැතිදුනි ඉදිරියේදි එවැනි කටයුතුවල වඩාත් පහසුවෙන්  නිරත වන්නට ඔවුනට අවකාශ නොලැබෙයි කියා ඔබ හිතනවාද?

මැතිදුනි දැනට උත්තර ප්‍ර දේශයේ ඉස ඔසවමින් එන
ආවෝ කණ්ඩායම මැඩ පවත්වන්නට ඔබ සතු පාලන උපක්‍රමය හෝ ක්‍රමය කුමක්ද?

ස්තූති යි

Wednesday, June 12, 2019

ඔබගේ සේවාව මෙන්ම ඔවුන්ගේ සේවාව ද අප හට වටිනව.

මාර්ග නීති අකුරට ක්‍රියාත්මක කරන්ට පටන් ගන්නවා ය කියා කියූ පසු පෞද්ගලික බස් සංගමයේ සභාපතිතුමන් මෙරට පොදු මාර්ග භාවිතයට පූර්ණ අයිතිවාසිකමක් සහිත ත්‍රිරෝද රථ රියදුරන් ට අදාළව කරන්නට යෙදුන යෝජනාව ගැන කනේ පහරේ නොමනාපය ප්‍රකාශ කර සිටිමු.  

එසේම අපගේ ඉල්ලීම වනුයේ ආත්මාර්ථයෙන් තොරව රථවාහන භාවිත කරන  අනෙකුත් සහෝදර ජනතාව හා සහයෝගයෙන් ඔබගේ රථ ධාවනයට කටයුතු කරන ලෙස යි. මන්ද යත් ඔබගේ සේවාව මෙන්ම ඔවුනගේ සේවාව ද අප හට අතිශය වටනා හෙයිනි. 

එසේම ත්‍රිරෝද රථ සේවාව හෙයින් මෙරට ජීවත්වන ප්‍රතිශතය ද ඉතා ඉහළ ය. එසේම ඔවුන් ද රටට බරක් නොවී තම තමන්ගෙ පවුල් රක්ෂා කරන හෙයින් අප පමණක් නොව ආණ්ඩු පවා ඔවුන්ට කෘතවෙිදි විය යුතුයැයි කනේ පහර විශ්වාස කරමු සහ ඔබට සිහිපත් කරමු.

නොවක් තුති. 


Tuesday, February 19, 2019

කුඩු කුඩු නොවෙන්නෙ ඇයි?

කිසිදා හෙළ ද්විපයෙන් තියා ආසියාවෙන්වත් කුඩු සදහට කුඩු කල නොහැක්කේ ඇයි? කුඩු රට රටවල් වලට බෙදන උන් කුඩු උනදාට කුඩු කුඩුකල හැක. එය මගේ මතය යි.

අනිත් කාරණය කුඩු ගෙන්වන හෝ බෙදන වුන් කූඩු කිරීමෙන් පමණක් කුඩු කුඩු පටිටංකල නොහැක.

ලෝකයේ සංවිධාන හදාන ඉන්න බොර ැ පූචිචානං හැත්ත ට උවමනාවක් තියේ නං නැති කල හැක.

දැන් ඉතිං ලෝක සංවිධානයක් නමට හෝ හදාගෙන ලෝකෙට කුඩු බෙදන ඒකුන්ගේ රටවල් වල ඉන්න හැත්ත වරිගේ මකබෑ කල යුතුය.

එසේ නොමැතිව කුඩු කුඩු කරන්ට අප රට තුළ තියා ආසියාවෙි තියා කිසි මහ ද්වීපයක බැරිය.

ලෝක පොලිස් කාරය මුලින් කල යුත්තේ උන්නේ රටට ගෙන්වන උන් කුඩු කර දැමුමය. අනතුර ැව ලෝකෙන් අතුගා දැමුමට කටයුතු ‍ කිරීම ය.

එක කුඩමැස්සෙක් නං අහු උනා නං තමයි ඒත් ......................................? අනේ රට ඇතුලෙ කුඩු කුඩු පටිටං වෙයිද?

අපි බලමු නේද?




Monday, January 7, 2019

ආයු බොහෝ වෙිවා!

අතිගර ැ ජනපතිතුමනි,

ඔබතුමන්ගේ සිවිවන පදවි ප්‍රාප්තියට කනේ පහරේ සුභාශිංෂණ!

කවුද වගකිව යුත්තෙ?




මෙි මාලුව මැරිල ඉන්නව මං දැක්කෙ අද උදෑසන නුවර වැව ළගින් යනකොට.

කවුද  මෙිකට වගකිව යුත්තෙ?

ඌ ඉබෙි මැර ැනද නැත්නන් මරලද?

කොහොමද වැවක ඉන්න මාලුවෙක් මැරෙන්න පුලුවන්?


  • ඉවත දමන කාර්මික හෝ වෙනත් රසායනිකදෑ වැවට එක්කාසු වීම,
  • මාලු පරිභෝජකයින් හෙයින් ( මිනිස් හෝ සත්ත්ව),
  • නියග,
  • නොසැළකිල්ල,
  • පිරිපහදුවට ලක්නොකල ජලය වැවට මුදා හැරීම,
  • කුණු කසල වැවට වීසිකරන නොමිනිසුන් හෙයින්.
නතර කල හැක්කේ කෙසේද?

සියල්ලන් එකතු වී වගකිව යුත්තන්ගේද සහය ගෙන ස්ථීර ක්‍රියාදාමයකට අනලස්ව එක්වීමය.

දෙන ලද අවධානයට හා සැළකිල්ලට ස්තූතියි!