Thursday, June 21, 2018

අයි මිස් යූ

මට ඔබ නැතිව පාලුයි 

මම අද උදේ ගියා බැංකුවට.  මම කියන්ට යන්නෙ කවුර ැවත් මීට ‍‍‍‍ෙපර නොදැකපු දැන්වීමක් ගැන එහෙම නෙවෙයි.

මම දැක්ක හැම බැංකුවකම පාහේ එල්ලල තියෙන දැන්වීම මුදල් නෝටිටු සමිබන්ධයෙන් මම ගිය බැංකුවෙත් තියෙනව. 

ඒකේ තියෙනව ඉරැණු එක එක දේ ලියපු නෝටිටු භාර ගන්නෙ නෑ කියල දෙසැමිබර තිස් එකෙන් පස්සෙ. 

ඉතිං මං දැක්ක රැපියල් දාහේ කොලේක ඉංගීරිසියෙන් ලියල තියෙනව අයි මිස් යූ කියල. ඉතිං බැංකුව කියන්නෙ එහෙම ලියල තිබුනොත් එහෙට ගේන්ට එපා කියල. මට අනන්තවත් හමිබ වෙලා තියෙනව කොන් ඉරපු කොන් කපල අයින් කරපු සල්ලි ‍‍‍‍‍‍කොල

රටෙි බැංකු අණපනත් නීති රීති වලට අනුව මුද්දරණය කරපු මුදල් නෝටිටු ඉන්ට බැරිවට වැඩක් නැතිවට විකෘති කරන්නෙ කවුද ?

සල්ලි නිතර අතපාත ගාන අයට ඒකෙ ඇති ප්‍රශ්නයක් නැතත් මං වගේ අයට ඒක ප්‍රශ්නයක්.

කවුද එහෙම දේවල් සල්ලි වලට කරන්නෙ?

කාටද සල්ලි ඒ තරමට නොවටින්නෙ?

අනේ මෙි රටෙි දුප්පත් වැසියන්ට පුරවැසියන්ට නං ඒ විදිහෙ දෙයක් කරන්ට හිත හදා ගන්ට අමාර ැයි. උන් දන්නව ඒවයෙ වටිනාකමි. උන් ඒවා හමිබ කරන්නෙ කොහොමද කියල රට කරවන ඇත්තො නොදැන ඉන්ට හැටියක් නෑ.

සමහර දාට අතේ කරගැට එනතන් මහන්සි වෙලා එහෙම නැත්නන් උදේ ඉදන් රෑ වෙනකන් කකු් කඩුත්තුව හැදෙනකන් මහන්සි වෙලා උපයන දේට උන්ඉ එහෙම කරන්නෙ කොහොමද හිතක් පපුවක් ඇත්නන්?

උන් දාහකට තියා එක ර ැපියල් දහයෙ කොලේකට එහෙම දෙයක් කරන්නෙ නෑ.

කමක් නෑ ඒ ගැන නෙවෙයි මගේ අද මාතෘකාව

මගේ මාතෘකාව හිටපු ඉන්න දේශපාලනඥයින් නැතිව ගියාම අපේ වැසියන්ට පුරවැසියන්ට දැනෙන්නෙ කොහොමද කියල.

ඒකෙ දෙපැත්තක් තියෙන්ට පුලුවන්.

එක කොටසට පාලු දැනෙනකොට අනිත් කොටසකට සතුට දැනෙනව. ඒක තමයි ස්වභාවය.  

කෙනෙක්ට හිතෙනවා නං නැති එකමයි හොද කියල

එහෙම හිතෙන්නට  පුලුවන් මොන වාගේ අවස්ථාවලද

කෙනෙක් දේශපාලන පළි ගැනීමකට ලක් වුනොත් කිසියමි දේශපාලන රජයක් යටතේ කෙනෙක් එහෙම හිතන්ට පුලුවන්.

එහෙම වෙලාවට අයි මිස් යූ නෙවෙයි කියන්නෙ අයි හේටි යූ කියලනෙ පින්තූර දිහා බලාගෙන.

ඉතිං මං මුදල් කොල ටිකෙන් මගේ ඇස් ඉවත් කරගෙන ඉහළ බලනකොට මං දැක්ක බැංකුවෙ එල්ලල තියෙන අපේ හිටපු දේශපාලන නායකයින්ගෙ පිංතූර ඉස්සරවෙලා මං දැක්කෙ ජේ ආර් ජයවර්ධන මහත්තයගෙ පිංතූරෙ මට හිතුන අද වෙනකොට කී දෙනෙක් නං අනේ හිතනව ඇද්ද කියල ඒ පිංතූරෙ දිහා බලාගෙන....... සර් අයි මිස් යූ කියල. 

ඊට පස්සේ අපේ බණ්ඩාරනායක ශ්‍රී මතානන් ගැනත් එහෙම හිතනව කියනව එක අවිවාද යි.

ඊට පස්සෙ මං දැක්කෙ මැතිනිගේ පිංතූරෙ එතුමියගෙ පිංතූරෙ දැක්කත් නොදැකක්කත් එහෙම හිතන අය ඉන්ට බැරිද මැඩමි අයි මිස් යූ කියල එතුමියගේ දියණිය ගැනත්  එහෙම හිතන අය අනන්තවත් ඇති.

එතුමියගෙ අනුගාමිකයින් එතුමියගෙ දේශපාලනයට දිවි හිමියෙන් සහය දක්වපු අය එතුමියගෙ ප්‍රජා අයිතිය අහෝසි වුන දවසෙ එතුමිය වාගේ අඩන්න ඇති කදුලක් එන්ට ඇති. ඊට පස්සෙ එදා මිනිස්සු අයි මිස් යූ කියල හිතන්ට නැතිව ඇද්ද එතුමිය හිටපු තැන නොහිටියම.

දේශපාලකය කියන්නෙ වැල්ලෙ කැරකෙන බඹරෙ වගේනෙ එනව යනව ආයෙත් එනව.

තවත් වෙලාවකට දාදු කැටෙි වගේ. කොයි පැත්ත වැටෙයි ද කියන්ට බෑ.


හරිම අවිනිශ්චිත දෙයක්. හරියට ක්‍රිකටි වාගේ ක්‍රීඩාවක්. වැස්සොත් සෙල්ලන් කරන්ට බෑ. ටොස් එක හරියට දිනා ගත්තෙ නැත්නන් දිනන්ට බෑ. ටීමි එක හරියට තේරැවෙ නැත්නන් ප්‍රශ්න. ඒ හින්ද තේර ැං කමිටුවට වගකීම වැඩියි.

ඊ ළගට ඉතිං ඒ කොයි දේ හරියට තිබුනත් හරියට සෙල්ලං කලේ නැත්නන් මොකද වෙන්නෙ ලියන්ට ඔිනේ නෑ. අපි දන්නව වෙන දේ.

ඔය අතරෙ ක්‍රීඩාවෙදි තවත් වැදගත් දෙයක් තියෙනව වැඩිය කව්ර ැත් නොහිතන.  ඒ තමයි ග්‍රවුන්ඩි සපෝර්ටි කියන ද‍ෙ

කාටවත් ඒ දේවල් සුලුකොට තකන්ට බෑ.

අපි දන්නව එදා ඉදන් අද දක්ා දේශපාලඥයින්ගෙ සහ පක්ෂවල පැවැක්මට ග්‍රවුන්ඩි සපෝර්ට් වැදගත් වුනේ කොහොමද කියල.

පක්ෂයක් රජයක් දිනන්ට මං මුලින් කියපු හැම දෙයක්ම අවශ්‍ය නෑ කියල කෙනෙක් හිතනවා නං.

 ඒ අය තමයි තනි අතක් ඇති අත්පුඩියක් ගහන්ට පුලවන් කියල හිතන්නෙ

අපි දන්නව මොන ජගතෙක්ට වුනත් තනියෙන් කිසි දෙයක් දිණන්ට බෑ අනෙක් අයගෙ සහය නැතිව.

ඊ ළගට තමයි දේශපාලනයේදි  මනුස්සයින්ගෙ ඡන්දෙ තියෙන වැදගත්කම


ඡන්දෙ තමයි ලකුණු සමහර වෙලාවට හයේ පාරවල් හතරෙ පාරවල් දෙකේ පාරවල් වදිනව හැබැයි මහන්සි වෙන්නෙ නැතිව බෑ.

ඒ කොහොමද

එක පවුලක දහ අටට වැඩි එක්කෙනෙකුට වැඩි ප්‍රමානයක් ඉන්නව නං එක පවුලක ඡන්ද ටික කැඩෙන්නෙ  බෙදෙන්නෙ නැතිව ගන්ට පුලුවන් නං හයේ හතරෙ පාරවල් වැදෙනව වාගේ තමයි.

ඉතිං අපේ රාජපක්ෂ මැතිදුන් ගැනත් කතා දෙකක් නෑ එහෙම හි.න අය අනන්තවත් ඉන්ට ඇති ඉන්නව. හංස ආණ්ඩුව පත්වුනාම.

ඊට පස්සේ මං දන්නෙ නෑ මට හැකියාවක් නෑ පුරෝකතනය කරන්ට දේශපාලනය ගැන අපේ දැන් ජනාධිපතිතුමන් ආපහු රටෙි ජනාධිපති වෙයිද නොවෙයිද කියන්ට ඒකට ව්‍යවස්ථාව ඇතුලෙ විස්සෙ හරි දහනවයෙ හරි ඒකට ඉඩක් තියෙනවද කියල

ආපහු බැරි වෙලාවත් නාවොත් එතුම ගැන ඉදිරියෙදි එහෙම හිතන අය ඉන්ට පුළුවන් ඒක සහතිකයි.

ඔය අයි මිස් යූ කතන්දරේ දේශපාලනය ඇතුලෙ තරං වෙන කොහෙවත් නෑ.

අවංකව සමහර අයට පාර පෙන්නපු අය ඉන්නව වෙන්ට පුලුවන්.

එක එක දේශපාලඥයින් හින්ද දේශපාලනයට අවතීර්ණ වුන අය ඉන්ට පුළුවන්. ජේ ආර් මැතිදුන්ගෙ කාලේ කාලේ මැතිණියගෙ කාලේ ඉදල අද වෙනකන් හිටිය දේශපාලඥයින් හින්ද තමන්ගෙ තැන් හදා ගත්ත අය ඉන්නව ඒකෙ කතා දෙකක් නෑ.

ඒ අය තමුන්ගෙ දෙවියන් පරාජය වෙලා ගෙදර ගියාම ඒත් එක්කම ගෙදර ගිය අයත් ඉන්ට පුළුවන්. දේශපාලනය ඇතුලෙ නැතිනන් පාර්ලිමේන්තුව ඇතුලෙ කතාන්තරය වෙන තනතුර ැ තානාන්තර වගේ නෙවෙයි. කවුර ැ හිටියත් නැතත් ජොබි එක තියෙනව කියන්ට බෑ. එහෙම වෙන්නෙ අත්තෙන් අත්තට පනින අයට ඉතරයි දේශපාලනය ඇතුලෙ.

තෙමිල නැහිල ගෙදරට වෙලා ඉන්ට වෙන්නෙ එහෙම අයට ඉතරයි.

ඇයි දේශපාලනයෙදි එහෙම වෙන්නෙ?

එක එක්කෙනා පිළිගන්න අදහන දේශපාලනය අනුව නැතිනන් තමන්ගේ දේශපාලන න්‍යායාචාර්යවර ැන් ගෙ කැරිස්මා බලය අනුව එහෙම හිතෙන්ට පුලුවන්.

ඒකෙ වැරැද්දක් නෑ.

වැරැද්දක් වෙනව නං වෙන්නෙ අන්ධානුකරණය වුනොත් විතරයි. 

දේශපාලනයෙදි ඒ වාගෙ කෙනෙක් වෙන එක කිසිසේත් ලේසි නැතිබව නං මට විශ්වාස යි. 





No comments:

Post a Comment